Showing posts with label other. Show all posts
Showing posts with label other. Show all posts

Wednesday, July 18, 2012

වඳ වෙනවට බයේ හුලං ගසන්නෙමි

තමුසෙ ඔහොම ඕක තියං ඉන්න එපා. වඳ වෙයි. සහෝදර ප්‍රේමය පෙරදැඩි කරගෙන වැඩිමහල් තඩි බොරලු ලඟදී මට කීවේය. අප්පට සිරි. ඇත්ත නේද. අල්ලා බැලුවෙමි. නහුතෙටම රත් වී ඇත. හැබැයි ලැප්ටොපය ඈහ්.

ඔහු ලැප්ටොපයක්ද මා මිනිලැප්ටොපයක් සහ කොම්පීටර්යක් භාවිතා කරමින් සිටියේ මීට මාස 8කට පමණ පෙරය. මිනිලැප්ටොපයේ මව්ලෑල්ල ගියේය. නොමිලේ හම්බුන එකක් නිසා මට එය හදන්න ඇම්මක් නැත. අතෑර දැමීමි. කොම්පීටරේ භාවිතා කලෙමි. අයියනායක දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ කියා එහිද මව්ලෑල්ල ගියේය. මොනා කරන්නද අහිංසක මං. බ්‍රදර් සහෝදරයාගේ ලැප්ටොපයට හිස දැමුවෙමි. ලොලේ ලොල්. එය ඉත්තෑවගේ ගෙට කබල්ලෑවා රිංගුවාක් මෙන් ඔහුට සිතෙන්නට ඇත. අන්තිමට එය මගේ ලැප්ටොපයක් සයිස් එකට විය. අන්තිමට උඹට ලැප්ටොප් එකක් ඕනද? මං අරන් දෙන්නම්. ආහ්. මගේ ඉහේ මලක් පිපුණි. අන්න සහෝදරයො. කික් ඈහ්.


ගියෙමි Unity Plaza. හෙව්වෙමි කඩයක් . අන්තිමට සැට් වූයේ අඩු ගානට වැඩි සිස්ටම් තැනකි. WinSoft Computers. ගත්තෙමි කෙලින්ම HP Pavillion g6 core i5 ලැපක්. මේ හි‍ටු කියල රත් වෙන්නේ එයයි. ගේම් එකක් ගහන්න ගන්නා විට මගේ කකුල උඩ තබාගෙන සිටීම මගේ අනාගත උපත් පාලනය ඉබේම සිදුවන ක්‍රමයක් සේ දැනුනි. මේසය මත තැබූ විට මේසය ගිනිගන්නවගේ ආවේය. කුමක් කරන්නද. ගියෙමි ebay. හෙව්වෙමි කූලිං පෑඩ් එකක්. shipping එක්කම 1600 ට නියම භාණ්ඩයක් තිබේ. නමුත් ඒකේ සයිස් එක හැටියට පෝස්ට් ඔපීසියට යන්නට වීම පරාල ඇණයක් විය හැක.

මායාවරුන්ගේ කැලැන්ඩරේ

USB hub එක


එනිසා ගියෙමි ආපසු Winsoft සොයා. ගත්තෙමි සුපිරි භාණ්ඩයක්. කූලිං පෑඩ් එකක්. ඒක නිකං මායාවරුන්ගේ කැලැන්ඩරේ වගේ . මරේ මරු. මෙන්න භාණ්ඩේ. පෝට් 4 USB hub එකකුත් තියෙනවා. සුපිරි ඈහ්. 1800යි. ඒ ගානට ඉතිං වටින්නෙ නැතැයි. දැන් මං අනාගතේ ගැන බය වෙන්නෙ නෑ. හුලං වැදි වැදි තියාගෙන ඉන්නව මගෙ ලැප් එක. මගෙ ලැප් එක කිව්වෙ ලැප්ටොප් එක ඈහ්.

Monday, July 16, 2012

මූණු 3 විරාගය - තෙවන ලිපිය


               අවසානයේ මා උකහා දැක්වීමට යන්නේ සිනමාපටයේ තිබූ අතිවිශිෂ්ට නාදමාලවන් පිලිබඳවය.

               මෙහි සංගීතය කුළුදුල් සංගීත සම්පාදකයෙකුගිනි. ඔහු අනිරුද් රවිචන්ද්‍රන් ය. නමුත් ඔහුගේ නාදරටාවන් වල නම් කිසිදු කුළුඳුල් බවක් දක්නට නොලැබේ. ඒවා එතරම් හද බැඳගන්නා ඒවාය.

               සිනමාපටය පුරාම දිගහැරෙන ඔහුගේ නාදරටාවන් තුලින් හිතට ලබාදෙන සංකීර්ණ සිනමා එල්ඹීම කියා නිම කල නොහැක. සිනමාපටයට දෙන ලකුණු 10කින් 4කටම ඔහු වගකියනා බව මගේ මතයයි.

               නමුත් එහිදී මගේ මතකය දිවයන්නේ වයි දිස් කොලවෙරි ඩී දෙසටය. ඔබට එය මතකද. ලොව ජනප්‍රියම ගීතය එයයි. එහෙත් එය කෙතරම් දුක්මුසු ගීතයක්දැයි ඔබට එය නරඹන අවස්ථාවේ සිතුනායැයි මා සිතමි. යමක් තේරුම්ගැනීමට එය මදක් අධ්‍යනය මදි බවට වයි දිස් කොලවෙරි ඩී සිනමාපටය තුලින් නැරඹීම හා වෙනම නැරඹීම යන දෙකෙන් වටහාගත හැක.


 


               ගීතය අසනා අතරතුරම එහි පදවැල කියවා බලන්න. 

Yo Boys, I Am Singing Song ..
Soup Song,
Flop Song,
Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Rhythm Correct.

Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Maintain Please.
Why This .. , .. , ..  , .. Oh Girl ??

The Moon Is In The Distance, Moon’s Colour Is White.
Night’s Background Is White, The Night, Night’s Colour Is Black.
Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
She’s A Fair Skinned Girl, Girl, Girl’s Heart Is Black,
Her Eyes And My Eyes Met, My Future Is Now Dark.

Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Buddy, Take Notes, And Take The Saxophone In Your Hand.
“ Pa Pa Paan Pa Pa Paan Pa Pa Paa Pa Pa Paan ”
Play It Right. Super, Buddy! Ready?

Ready ?? 1.. 2.. 3.. 4..
Whoa, What A Difference Buddy .. !!
Alright Buddy, Now Tune Changes ..
“Kaila” Glass… Only English, Eh .. !!

Glass In Hand, Scotch In Glass, Eyes Full Of Tears,
Life’s Empty, Girl Shows Up, Life’s Goes In Reverse Gear.

Love, Love, Oh My Love, You Stood Me Up ..
Cow, Cow, Holy Cow, I Want You Here Now .. !!
God, I’m Dying Now, But She’s Happy, How ??
This Song Is For The Soup Boys, We Don’t Have A Choice.

Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??
Why This Killer Rage, Killer Rage, Killer Rage, Girl ??


Yo boys, I am singing song… Soup song, flop song. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? Rhythm correct. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? Maintain please. Why this killer rage, …, …, girl? The moon is in the distance, the moon. Moon’s colour is white. Night’s background is white, the night, Night’s colour is black. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? She’s a fair-skinned girl, girl, Girl’s heart is black, Her eyes and my eyes met, My future is now dark. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? Buddy, take notes, and take the saxophone in your hand.
Read more at: http://aahsome.com/blog/why-this-kolaveri-lyrics-english-translation/
Yo boys, I am singing song… Soup song, flop song. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? Rhythm correct. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? Maintain please. Why this killer rage, …, …, girl? The moon is in the distance, the moon. Moon’s colour is white. Night’s background is white, the night, Night’s colour is black. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? She’s a fair-skinned girl, girl, Girl’s heart is black, Her eyes and my eyes met, My future is now dark. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? Buddy, take notes, and take the saxophone in your hand.
Read more at: http://aahsome.com/blog/why-this-kolaveri-lyrics-english-translation/
Yo boys, I am singing song… Soup song, flop song. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? Rhythm correct. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? Maintain please. Why this killer rage, …, …, girl? The moon is in the distance, the moon. Moon’s colour is white. Night’s background is white, the night, Night’s colour is black. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? She’s a fair-skinned girl, girl, Girl’s heart is black, Her eyes and my eyes met, My future is now dark. Why this killer rage, killer rage, killer rage, girl? Why this killer rage, killer rage, killer rage, girl? Buddy, take notes, and take the saxophone in your hand.
Read more at: http://aahsome.com/blog/why-this-kolaveri-lyrics-english-translation/






Friday, July 13, 2012

මූණු 3 විරාගය - දෙවන ලිපිය


පලමු ලිපිය කියවන්න / චිත්‍රපටය නරඹන්න

                පලමු ලිපිය කියවා සිනමාපටයද නැරඹූ පිරිසක් මෙය කියවනවා ඇතැයි මා සිතමි. එයට හේතුව මෙය සිනමාපටයේ පූර්විකාවක් නොව පශ්චාත් විභාගක අවදියට අදාල ලිපියක් ලෙස ලිවීමට මා ඉටාගත් බැවිනි. අවංකව සම්පූර්ණ සිනමාපටයම නැරඹූ ඔබගේ සිත බොහෝ චංචල වූ බැව් මට රහසක් නොවේ. එය මා අත්දකින ලද්දකි. රාම් යනු කවුරුන්ද? ජනනි යනු කවුරුන්ද? යන්න දැන් ඔබට අමුතුවෙන් පැහැදිලි කරයුතු නැතැයි මා සිතමි. එපමණක් නොව. ජීවිතයට වඩා මිතුදම අගය කරන සැබෑ මිතුදමක සටහනක් වන සෙන්දිල් ද ඔබට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. මේ සියල්ලටම වඩා ඔබේ සිත චංචල කල බයිපෝලර් ඩිසෝඩරය ගැන ඔබට චිත්තරූපයක් අලුතෙන් මැවීමට මා හට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සිතමි.

                සිනමාපටය නැරඹූ ඔබ ඒ පිළිබඳ විචාරයක් සිතාගන්නට ඇත. ඕනෑම කෙනෙකුට එවැන්නක් සිතේ. නමුදු එය අකුරු බවට පත්කරන්නේ ටිකදෙනෙකි. ඔවුනට සමාජය චිත්‍රපට විචාරකයන්යැයි පටබඳී. එවැන්නෙකු වීමට මට කිසිදු අවශ්‍යතාවක් නොමැත. එහෙත් මේ වචන වලින් ඔබට සිතිය නොහැකි ඇතැම් කරුණු වූවානම් ඒවා උලුප්පා දීමට හැකිනම් මා හට එය සතුටකි.

                පලමුව අපගේ චිත්තරූපාකර්ෂණය හමුවේ අතික්‍රමණය වන්නේ බෙන්ස් කාරයක් තිබියදීත් යතුරුපැදියේ වැහිදිනයකදී පාසලට යන රාම් ගේ කොලු ගතිය අපෙන් කිසිදු වෙනසක් නැති බවය.එයින් මතුකල අප හා ඔහු අතර ඇතිකල සබඳතාව තවදුරටත් ශක්තිමත් කරන්නට රචකයා සමත්වනුයේ දු‍ටු තැන ප්‍රේමය සංසිද්දියක් ඇතිකිරීමෙනි. සැබෑජිවිතයේ මෙන් දැක්ක ලව් සිද්දියක් මිස හැඟීම් වලට ලව් කිරීමක් හෝ මාස ගානක් ආස්සරය කොට නැතුව බැරුව ලව් වැනි ඉලව්වක් මෙයට යෙදුවේ නම් මතුකිරීමට යන්නාවූ ඉතිරි කොටස් සඳහා ඉඩක් නොමැතිවනවා නිසෙකය. එබැවින් ලුණු ඇඹුල් සියල්ල නිසිආකාරව යොදා ඇතැයි මට සහසුද්දයෙන්ම කිව හැක. දෙමාපිය පවුල් අවුල් එක්වරම ඇතිවී නැතිවී යන්නේද ඊට ඉඩකඩ සපයමිණි.


                නමුත් ප්‍රධාන ප්‍රස්තුතය හටගන්නා ස්ථානය ඒ කිසිවක් නොවේ. ඉතා සුළු පැය කිහිපයකි. ඒ සියල්ල අවසානය වනතෙක් සඟවා තබාගැනීමට කතුවරයා දැරූ උත්සාහය අනර්ග බව ඔබ ඉඳුරාම දනී. එතරම් කුතුහලයක් ඔබේ සිතේ හටගන්නට ඇත. ආරම්භයේම මියයන රාම් මියයාමට නිධාන කතාව කුමක්දැයි අවධාරණය වන්නේ අවසානයේදී පමණි.

                රාම් හට බයිපෝලර් ඩිසෝඩරය සෑදෙන්නේ ජනනි ඔහු සමග නැතැයි ඔහු සිතනා කුඩා පැය ගණනකදීය. එහිදී ඇතිවන මානසික ආතතිය පිටනොකිරීම හේතුකොටගෙන මානසික රෝගාබාධයක් දක්වා ඉතා සුළු කාලයක් තුලට හැරවෙන්නේ ඔහු හා ඔහුගේ මිතුරු සෙන්දිල්ට පවා නොදැනීය. ඔබ බොහෝ ප්‍රිය කල වයි දිස් කොලවෙරි ගීතයේ සැබෑ තේරුම එයයි. එය හුදෙක්ම තම සිතේ ඇති ආතතිකමය ආකල්ප වල සංක්ෂිප්ත දිගහැරුමකි. එහි වීඩියෝව ඔබට මතකනම් එහිදී තමා ඉදිරිපිට ජනනිගේ රූපය මැවෙන අයුරු ඔහු දකින්නේද එහි උච්චතම අවස්ථාවකදීය. ඒ ගීතයේ අවසානභාගයේදී ය.

                මෙහිදී අගය කල යුතු තවත් කාරණයක් වන්නේ සෙන්දිල් නැමැති චරිතයට ලබාදුන් මිතුදමේ සංකේතයයි. පලමු කොටසේදී වැදගත් මිතුරා වන්නේ ඔහු නොවන නමුත් රෝගයට ගොදුරු වූ පසු ඔහු දරණා මෙහෙවර සැබෑ කලණ මිතුරෙකුගේ වෑයමකි. එවැන්නෙක් සැබැවින්ම සොයනවා යනු හම්බන්තොටින් ඉන්කාවරයෙක් සොයනවා වැනිය. ඔලුව පැලෙන්නට බෝතල් පාරක් සහ අත කැඩෙන්නට පු‍ටු පාරක් කෑවද යාලුවා කිසිදා අතාරින්නේ නැත. එවන්නන් මල් තබා  වැඳිය යුතුය.



                නමුත් ප්‍රධාන තේමාව එය නොව. සෑබෑ හැඟීමක් මගින් ඔබගේ මානසිකත්වයට ඇතිකල හැකි බලපෑම හුවාදැක්වීම මෙහි ප්‍රධාන හැඟීම බව මගේ මතයයි. තමුන්ට අවශ්‍ය කරන අය ලඟ නැතිවෙන බවට දැනෙන හැඟීම කෙතරම්දැයි කියා නිමකල නොහැක. එය විඳ ඇති අය දනී. එහෙත් එවන් දෙයක් මගින් මනසට ඇතිකල හැකි විපර්යාසය කෙතෙක්දැයි මෙය නැරඹීමෙන් ඔබට වැටහෙන්නට ඇතැයි සිතමි. එක් වරකදී වෙන දෙයක් මැකීමට ජීවිතයේ තවත් අවස්ථා නොලැබේ. කෙතරම් වසන් කලද සත්‍ය දිනයකදී නැගීසි‍ටුනු ඇත. එය බාහිරයට ඇතැම්විට නොපෙනෙනු ඇත. නමුදු ඕනෑම දේකට ඕනෑවට වඩා ඔබ්බෙන් ඇලුම් කිරීම යනු නොකල යුත්තක් බව මා මෙහිදී වටහාගත් අනුපමේය සත්‍යයි.


                තවත් බොහෝ දෑ සිතුනද ඒවා වචන වලින් විස්තර කිරීමෙහි ලා මා හට හැකියාවක් නොමැත. ඒවා මාගේ වචන ප්‍රස්තුත හමුවේ බොහෝ ඉදිරියට ගිය ආධ්‍යාත්මික කාරණාවන් යැයි සිතමි. නමුත් එය ඔබහට විස්තර කල හැකිනම් කරුණාකර කමෙන්‍ටු තීර වල ඔබගේ අදහස් ඉදිරිපත් කරනා මෙන් ඉල්ලමි. අති ප්‍රභල අධ්‍යක්ෂනයකින් හා රඟපෑම් වලින් යුක්ත වූ මෙහි සංගීතය මේ සිනමාපටයේ අධ්‍යාත්මය කෙරෙහි කෙලින්ම බලපෑම් එල්ල කරනා ලද සාධකයකි. මා ඊලඟ ලිපියෙන් ඒ පිළිබඳ මගේ චිත්ත රූප හමුවේ පටබැඳි කාරණා විග්‍රහ කරන්නෙමි.


Wednesday, July 11, 2012

මූණු 3 විරාගය - පලමු ලිපිය

                   ලියන්නට සිටි දෑ සියල්ල වෙනස් විය. කතාව වෙනම පැත්තකට හැරුණි. අද දවසේදී මොබයිල් ෆෝන් වල රහස් හෙලිකරන ලිපියක් ලියන්නට ඊයේ ඉටාගත් මා හට මේ සිදුවූයේ කුමක්දැයි මා නොදනිමි. නමුත් දැන් මගේ ඇස් වලට කඳුලක් ඇවිත් ඇති සේ මට දැනේ. ජීවිතයේ ප්‍රථම වතාවට මා හදවත එක් සිනමාපටයක් විසින් සංවේදී කලේය. හේතුපාඨ කිසිවක් ඒ සඳහා දීමට නොහැකිය. නමුත් මා ජීවිතයේ මෙතෙක් කල් නැරඹූ දහස් සංඛ්‍යාත සිනමාපට අතුරින් මා පලමු තැනට පත්කරන ලද සිනමාපටයක් අද නැරඹුවෙමි. කෙටියෙන්ම කියතොත් මා මෙතෙක් නැරඹූ අතිශය භාවාත්මකම සහ මානසික සංධර්භයේ උත්තුංග කොටස් තරණය කරමින් ගැඹුරු චිත්ත රේඛාවන් කෙරෙහි ඇමතූ පලමු සිනමාපටය එය විය.

                   මා මිතුරු ලෝපේස් ගේ වැදගත් කාර්යයක් සඳහා දහවල් වරුව වැය කිරීමට සිටි මා එය පැයක් පරක්කු කර මේ පිළිබඳව ලිපි 3ක් ලිවීමට ඉටාගතිමි. සාමාන්‍යයෙන් යහලුවකුගේ වැඩක් පස්සට නොදානා මම (විශේෂයෙන් ලෝපේස්ගේ) එය තරමක් පරක්කු කරවීමට තරම් මෙය මගේ සිතට කාවැදුණි. දෙමළ චිත්‍රපටි නැරඹීමට සිංහල ඒවාට වඩා කැමති මා මූණු නොහොත්  3 නරඹන්නට ගත්තේ උදෑසන වරුවේය. දහවල් 12 පමණ වනවිට නරඹා අවසන් වන විට මා මේ සඳහා ලිපි 3ක් ම ලිවීමට ඉටාගත්තේ එහි නමට ගරුකිරීමක් වශයෙන් පමණක් නොව ලිපි 3ක් ලිවීමට තරම් එය වැදගත් ද බැවිණි. කොතෙක් ද කිවහොත් මූණු(3) සඳහා සෝනි මියුසික් ඉන්දියා ආයතනය විසින් පූර්ව ප්‍රචාරක පට තුනක්ද නිෂ්පාදනය කලේය.


                   ධනුෂ් සහ ස්රුතී හසන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන 3 හි නිෂ්පාදනය ධනුෂ් ගේ බිරිඳ වන අයිශ්චර්යා ධනුෂ් විසිනි. නිෂ්පාදනය කේ.විමලගීතා විසිනි. රචනය අයිශ්චර්යා ධනුෂ් විසිනි. මෙය කියවන ඕනෑම කෙනෙක් 3 පිළිබඳව දන්නා බව මා මුලින්ම සඳහන් කරමි. ඒ කොහොමදැයි සමහරුන්ට ප්‍රශ්නයක් පැනනැගිය හැක. නමුදු වයි දිස් කොලවෙරි ඩී ගැන නොදන්නා අන්තර්ජාලය පරිහරණය කරන්නෙකු සිටිය නොහැක. ලොව වඩාත්ම ජනප්‍රිය ගීතය වන වයි දිස් කොලවෙරි ඩී 3 සිනමාපටය සඳහා නිපැයුණු ගීතයකි. තමුන්ට ඕනෑ ඕනෑ විදියට වයි දිස් කොලවෙරි වෙනස් කරගනිමින් භාවිතා කරන්නවුන්ට එම සරල තාලය තුල ඇති සංකීර්ණ පදමාලාවේ ගැඹුර තේරුම් ගැනීමට සිනමාපටය නැරඹිය යුතුම වේ.

                   3 නොහොත් මූණු ගොඩනැගෙනුයේ ධනවත් පවුලක තරුණයෙකු වන රාම් සහ මධ්‍යම පාන්තික තරුණියක වන ජනනි අතර ගොඩනැගෙන ප්‍රේමසම්බන්ධතාව වටාය. නමුත් එය වෙනත් සිනමාපටවල මෙන් මුළු කතාව පුරාම ඔවුන් දෙදෙනා විවාහ නොවී ඒ සඳහා අර අඳිමින් සිටිනා ලාම්පුරේ ප්යාර් කරේ විගඩමක් නොවේ. ප්‍රේම සබඳතාව ආරම්භ වූ පසුව ගතවන සියලු දවස් දක්වන නයි කයිද රෝස්පාං කතාවක්ද නොවේ. මූණු යනු ඉන් හාත්පසින්ම වෙනස් සිනමාපටයකි. 

                   කෙතරම් ධනවත් දෙමාපියන් යටතේ හැදී වැඩෙන පවුලේ එකම පුතු වූවද ධනවත් බව නොසලකා ජීවත් වන රාම් හට ජනනි හමුවන්නේ වැසිදිනයක තම බයිසිකල් චේනය දමාගැනීමට නොහැකිව දඟලන අවස්ථාවකය. එතැන් සිට ඇගේ හිත දිනාගැනීම ඔහු කරනා වීර වික්‍රමාන්ත සඳහා ගතවන පැය භාගයක පමණ කාලය සිනහ උපදවන සහ කුතුහලය දනවන විනාඩි කිහිපයකි. නමුත් අවසානයේ ඇගේ සිත දිනාගන්න ඔහු ඈ හා පෙමින් බැ‍ඳෙන්නේ අපේ බාසාවෙන් කියනවානම් බොක්කෙන් ලව් කරනා හරකෙක් ලෙසය. ජනනිද ඊට දෙවනි නැත. ඈද වසුපැටියෙකු පස්සේ යන මස්කඩකාරයෙකු සේ ඔහුවම සොයයි. පලමුව දෙමාපිය කැමැත්ත නැතුවද පසුව දෙමාපිය කැමැත්ත ඇතුවද ඔවුන් සුවසේ ජීවත් වේ.

                   නමුත් සිනමාපටයේ දැන් නරඹන්නට ඔබ හදනවානම් මගේ කතාව සම්පූර්ණයෙන් බොරු යැයි සිතෙන්නටද පුළුවන. සුවෙන් පසුවේ යැයි කීම කෙතරම් දුරටදැයි මා කීවේ නැත. සිනමාපටය ආරම්භවන්නේ මළගෙදරක දර්ශනයකිනි. කිසිවක් කතාකරගැනීමට නොහැකිව සිටින ජනනී ද මලමිනියක් සේයැයි ඔබට සිතිය හැක. එතැන් සිට දිගහැරෙන සිනමාපටය කුතුහලය, ආදරය, සෙනෙහස, මව්පිය බැඳීම, විකාර සහ සියලු අංගෝපාංග වලින් සමන්විත වූ නියම සිනමාපටයක් බවට මට පැවසිය හැක. තවද මා දු‍ටු අනර්ගම සටන් ජවනිකාවලින් එකක් ඇත්තේද මෙහි බව ඉඳුරාම ප්‍රකාශ කල හැක. තවත් දිගට ලිව්වෝතින් සිනමාපටයම ඔබට කීමට මට සිදුවනු ඇත. ඊට වඩා අවශ්‍ය වන්නේ ඔබ එය නැරඹීමයි. සමහරුන්ට මෙය බයිබ්ලොග්ස් වල වගේ ත්‍රී කණ්ඩායමේ කවුරුන් හෝ මට මුදල් දී මෙය ලීමට කිව්වාදෝයැයි සිතුනාට මට කමක් නැත. මට එසේ සතපහක මුදලක් මේ ලිපි වලින් ලැබැන්නේ නැත. මට අවශ්‍ය වනුයේ මා සතු වැදගත් දැනුම හා විනෝදය ඔබ සමග බෙදාගැනීමය

                   චිත්‍රපටයට 3 ලෙස නම් තබා ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මා නොදනිමි. නමුත් එයට මා හට සිතුවිලි දෙකකි. ඒ රාම් සහ ජනනි අතරට පැමිණි තෙවැනියා නිසා විය හැකිය. නැතිනම් රාම්ගේ ජීවිතයේ ඇති අවධි තුනක් පිළිබඳව මින් නිරූපණය කරන නිසාද විය හැක. නැතහොත් රාම් යනු අන්ත දෙකක් අතර ජීවත් වන තෙවැනියෙකු නිසාද විය හැක. ඒ මට හිතෙන දේය. ඔබට හිතෙන දේ ඉන් වෙනස් විය හැක.

                   ඩිරෙක්ට් බලන්න ඕන අයට ඩිරෙක්ට් බලන්න, ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඕන අයට එහෙම බලන්න ඕන ඕන විදියට මා මෙහි පහසුකම් සපයා ඇත. 

                   මා ඉතිරි ලිපි දෙක අද රාත්‍රියේදී පලකිරීමට බලාපොරොත්තුවෙමි. පැය දෙකයි විනාඩි විස්සක් පුරා දිගෑරෙන මේ මානසික චිත්‍රය ඔබ නරඹා අවසානයේ ඔබට හිතෙන දේ මෙහි පලකරන මෙන් ඉල්ලා සිටිමි. නමුත් මා පවසන්නේ නම් දෙවනි හා තෙවනි දිගහැරුම් කියවීමට පෙර මෙය අනිවාර්යෙන්ම නරඹන ලෙසය. එසේ නොවුනහොත් ඒවා තේරුම් ගැනීමට ඔබට මහත් වෙහෙසක් දැරුවද නොහැකි වීමට ඉඩ ඇත. ඒ මින් ලැබෙන මානසික වෙනස් කම කිසිදා කිවනොහැකි බැවිනි.

                   සිත නැමැති මානසික සංදර්භය තුල හටගන්නා අවිදූර් විරාගික සැබෑ හැඟීමක් වන ආදරය මගින් මිනිස් ජීවිතයක් කෙරේ කෙතරම් බලපෑම් ඇතිකල හැකිදැයි මෙය නැරඹීමෙන් ඔබට වටහාගත හැකිවෙයැයි මා සිතමි. මේ අත්දැකීම එලෙසම පිහිටන කිසිදු ජීවියෙක් මිහිපිට මේ වන විට වාසය කල නොහැකි වුවද මට ලෙසටම ඔබලාගෙන් ඇතැමුන්ට මෙයින් කිසියම් හෝ අත්දැකීමක් ඇතැයි මා සිතමි. එවන් පුද්ගලයින්ට තම අතීතය අනිවාර්යෙන්ම මතක් වෙනු ඇතැයි මා අත්දැකීමෙන්ම දනිමි.

                   ආදරය නිරාමිස විරාගික එකක් බව සැමවිටම මතක තබාගන්න. එය පෙම්වතුන් අතර ඇති ආදරය පමණක් නොව, දෙමාපිය දූදරු, ගුරු සිසු, ස්වාමියා සුරතලා අතර ඇති සැබෑ ආදරය ගැන වුවද සත්‍යයකි.

                   එසේනම් ඔබ සැමට වයි දිස් කොලවෙරි ඩී......

++ === සිනමාපටය නැරඹීමට === ++

                                  ඉංග්‍රීසි උපැසි‍රැසි සහිතව සිනමාපටය නැරඹීමට නම් මෙය යොදාගන්න. නමුත් මෙය මෙහි ඇත්තේ 380px සිනමාපටයක් ලෙසය. එබැවින් fullscreen දැමීම සුදුසු නැත. යූටියුබ් ප්ලේයරයේ දකුණුපස් ඇති ලාර්ජ් ප්ලේයර් ඔප්ෂනය මගින් නැරඹීම වඩා සුදුසු බව මගේ මතයයි.
                                   භාගත කරගෙන පරිගණකයේම හෝ ප්ලේයරයක නැරඹීමට මෙය යොදාගන්න.
                                               Seed 72     Leech 37
                                               Audio Quality Rate  8/10
                                               Video Quality Rate  8/10
                                               Size   682Mb
                                               Video Res  624*272     
                                               Bitrate  603Kb/s      Framerate  29.970 FPS
                                     මෙහි උපැසි‍රැසි රහිත වුවත් වීඩියෝ පික්සල් මෙනූ රාශියක් අතුරින් ‍තෝරා නැරඹිය හැක. 720px ලෙස HD movie එකක් ලෙස නැරඹීමටද මෙහිදී හැකියාව ඇත.



Tuesday, July 10, 2012

MMIX Bioව සහ බයෝවරු

                 O/L වලින් පසු ජීව විද්‍යාව තෝරාගැනීම නිසා මට MMIX Bio පන්තියට ඇතුලුවීමේ වටිනා අවස්ථාව ලැබුනි. MMIX Bio නොවන පිරිස MMIX Bio යනු කුමක්දැයි තුශ්නිම්භූත වන්නට ඇත. 13D bio 2009 කල්ලියේ පූර්වාදර්ශී නාමය MMIX Bio යි. එනම් 2009 Bio යන්නයි.
පන්තියේ මට සෙට් වු පිරිස අතර මා මුලින්ම වැටුනේ 5 කල්ලියකටය. 

                  චුච්චුවා, අන්කල්, සතා, සෝපා සහ බනියා යන අද්භූත සාමජිකයන් පස් දෙනාගෙන් කල්ලියේ වැඩ කටයුතු ආරම්භ විය. දවස් ගනන් යන තෙක් පච කෙල කෙල සිටි හැටි මට තාම මතකය. නමුත් සති 2-3 ගිය පසු පන්තියේ වෙන්වී තිබූ සියලු කල්ලි එක්තැන් විය. MMIX Bio සෑදුනේ එලෙසය.
                  
                  පන්තියේ තිරිසන් සතුන්ගේ නම් රාශියකි. මුල ඉඳන් ම කිව්වොත් අලියා, ලකා, ලොපේස්, ජොකා, ඩොකා (අලුත් නමකි) , රජියා, බොගා, බෙට්ටා, සාජන්, මේජර්, කැකුලා, අන්කල්, චන්දරේ, සෝපා, රිලවා , රශ් (the crush), පාණ්ඩේ, අබ්බා, ලැම්බා, කලුවා, චිනා, සතා, ඔමා, මල්සරා, වැස්සි, ගොනා, චුච්චුවා, ඉබ්බා, පණුවා ආදීන්ගෙ සපිරුණු ව සුන්දර නවාතැනක් විය.එකෙක් වෙනුවෙන් සියල්ලෝම නැගී සිටියේය. නමුත් බොහෝ විට නැගී සිටියේ නම් අනුන්ගේ කෑම එකක් දැක්ක විටය.

                  කිසිදා නොලැබෙන භාග්‍යවන්ත සාමාජිකත්වයක් අප ලබා තිබුණි. ඒ පාසලේ HP ද, DHPලා  දෙදෙනෙක්ද, ඊට අමතරව Senior Prefectsලා දෙදෙනෙක්ද අප ගොන්න අතර සිටීමයි. මේ නිසා කිසිවකට බියවන්නේ මන්ද. ලැබ් එකේ වාසය කිරීමත් අපට වාසනාව උදාකරන්නක් විය. යමක් හංගන්නට වූවිට ස්ථාන බොහෝමයකි. මීයන් ගෙම්බන් පිරි බොතල් අතරේ ඇති හිඩස් අපිට බිංගෙවල් මෙන් විය. කාඩ් පැක් ටික හැංගීමට විදුලි පංකාවේ  කැඩී ගිය කප් එක ඇතුල මිනීපෙට්ටියක් බඳුවිය.
 
                  අපි කෙලියේ නැති පිස්සුවක් නැති තරම්යි. Prefectsලාගේ පිහිටාරක්සාවෙන් බයක් සැකක් නැතුව කට්ටියම එකතු වී බූරුවා ගැසූ දවස් ගනන මට ගනන් කිරීමට පවා නොහැක. පන්තිය කෑලි තුනකට බෙදී පැක් තුන මුළු තුනකට යති. වෙනස් පන්ති වලට ගියත් හැමෝම නුගේගොඩට යන්නේ එකටය. ටිකට් ගැනීමට කලුවා රුසියෙකි. සියලු දෙනාමගේම එකට ටිකට් අරගෙන කොන්දාට හැමදාම ගනන් වරද්දයි. අතරමග හමුවෙන ක‍ටුබැද්ද හමුදා මුරපොල චුච්චුවා විසින් කා දමනු ලැබේ. චෙක් කරයි බං කියල කියන හැමදාම බස් රථය එතන නවත්වයි.

                  ඉන්ටර්වල් එකේදී කෑම බෙදාගැනීමට පොරකන එක Wrestlemania එකටත් වඩා ලොකු පොරයකි. රූබිණී ගේ පීරියඩ් එකේදී ලැබ් එකට නොගොස් පන්තිය තුල wrestling ගහගැනීම ලැම්බා විසින් ජුදාස් ගේ මෙහෙයුමක් නොහොත් මහා පාවාදීමක් බවට පත්කල බැවින් විදුහල්පති නිර්දේශ සහිතව මුලු පන්තියම පීරියඩ් 2ක් ම ග්‍රවුන් ඩ් එක වටේ දුවපු හැටි තාම මතකය. හැරි හැරි බලන්නට වටිනා ටෙක්ලා දිහා බැලීමට උදේ පාන්දර දත කට මැදගෙන හැමෝම ජනේලය ලඟට වී හිටපු හැටි අමතක වීමට මැරී ඉපදීමට සිදුවේ. ප්‍රංස බස ඉගැනීමට සෝපා මහා උනන්දුවක් දැක්වූයේ අලුතෙන් පාසලට පැමිණි ප්‍රංස භාසා ගුරුවරිය නාලිකා නිසා බව ප්‍රසිද්ද රහසකි.
                  A/L වී දැනට කොපමණ කල් ගත වුනත් තවමත් සෙට් එක සෙට් වෙන එක ගැන මට මාර හැපිය. සියලු කාරණා වල ඕගනයිසර් වන අලියාගේ annual trip එක අපේ අනිවා ඩෙෆා අයිතමයකි. තමුන්ගේ උපන්දිනය අමතක වුනත් සෙට් එකේ උපන්දින නම් අමතක වෙන්නේ නැත. ඒවා මිස් වෙන්නේද නැත. මාස දෙකක් හෝ තුනකදී සෙට් වූයේ නැත්තං මචංලා අපි සෙට් වෙමුදැයි මැසේජ් එකක් අනිවා දුරකතනයට ලැබේ. එහෙත් මේ දිනවල සිදුවන බොගාගේ දුම් දැමීම පිළිබඳව සැවොම කම්පා වෙමු. එහෙත් බොගාගේ වාහනයේ යෑම සැමගේම සතුටට කාරණයක් විය. (විශේෂයෙන්ම සතාට).

                ලඟදී අයිස්ක්‍රීම් ලීටර් 4ක් කෑ හැකියැයි කියා වමනය දැමූ අලියාගෙ වීර වික්‍රමය මතක් වන විට මට අයිස්ක්‍රීම් ද එපාවේ. බොරුවක් කීමට අවශ්‍ය වූ විට ඔමා හෝ ලකා සෙවීම අපගේ පුරුද්දකි. ප්‍රවාහන පහසුකම් අලියා සහ බොගාය. නොමිලේ කුනුහරප අහගැනීම සතාගෙනි. අන්තර්ජංජාලයේ කුමක් හෝ කුනුහරුප වැඩකට කතා කරන්නේ බනියා වූ මාහට, සෝපාට හෝ ලෝපේස්ටය. ගේම් එකක් හොයාගැනීමට ඩොකා හෝ බෙට්ටා ඇර තැනක් නොමැත. ක්‍රිකට් විස්තර විචාරයක් ඇසීමට අවශ්‍ය නම් අන්කල් ගාවට යෑම වඩා සුදුසුය. (විසේසයෙන් ජයසූරියගෙ ඒව). චිනා හෝ හස කිසිදා පන්තියේ සොයාගත නොහැක. ඇහුවොත් ප්‍රිෆෙක්ට් ඩියුටිය. ඔවුනට රිලීෆ් ඩියුටිද ඇත. සාජන් සහ මේජර් දකින්නේ කලාතුරකිනි. ඔවුන් කැඩෙට් කාමරයට වී හමුදා කුමණ්ත්‍රණ සැලසුම් කරයි.

                  මෙවන් එකී නොකී හැත්ත බුරුත්ත රාසියකින් සපිරුණු ව අද සිටින තත්වය ගැන මා හිතෑතුලින් බොහෝ සතු‍ටු වෙමි. වසර 3ක් ගතවුවද පෙරසේම සිටිනා අපේ සෙට් එක වෙනත් ඒවායින් බොහෝ වෙනස්යැයි ඇත්තටම සිතෙමි. ඒ හිතේ ඇතිවූ අවංක හැඟීමකි.
 
                  මේ ගල් බෝලය අවසානයේ මතක් කල යුත්තේ එවන් සුන්දර හීනයක කොටස්කරුවෙක් වීමේ අවස්ථාව ලබා දුන් උඹලා ඔක්කොම මට කවදාවත් අමතක වෙන්නේ නම් නැත කියායි.

Wednesday, May 30, 2012

ෆේස් බුකියේ පෙම් පලහිලව්ව

             හි හී. කස්ටිය බලනව ඇති ටෙක්නිකොල් පෝස්ට් දෙකක් කලින් දාපු තඩි බොරළුට මේ මක්කෙයි වුනේ කීල. එහෙම තමා. මේකට මම ටෙක්නොලන්තෙ කීල නම දැම්මනම් ඉතින් එව්වම දාන්න තිබ්බ. ඒත් මගේ වැඩි ආසාව තීන්නෙ ඒ අංසෙට තමා. මොකො මං ගිරිපුර තොරතුරු තාක්සන විස්ස විද්‍යාලෙ කෙනෙක් නොවැ.
            මේ ගල් බෝලෙ පොඩියි. බට් කෙලින්ම ලියන්නෙ ගිරිපුර පොඩි ඈයොන්ට තමා. වයස 40 45 උන්ට මොන ලව්ද ෆේස්බුකියෙ. ( මං එහෙම කිව්වට ඕන තරම් ඔය නාකි මනමාලයො ඉන්නෙ ).
            එක අතකින් බුකියෙ ලව් සෝයි. ඒ වගේම මාවලස්. එක අතකින් ඉන්ක්‍රෙඩිබල් . තව අතකින් ග්ලැමරස්. තව අතකින් ඩේන්ජරස්.
                ඇත්තම කීන්නන්කො. මටත් ඔය විමලව සෙට් වුනේ බුකියෙන්ම තමා. බුකිය තමා බුකිය. විමලයෙ අක්ක කෙනෙක් ගෙ පෝපයිලයෙන් විමල සැට් වුනා. අක්කගෙ තමා පුල් සප් එක. අක්කට තැන්කූ.
                මම මේ කීන්න යන්නේ විමල ගැනවත් විමලගේ කඩියා ගැනවත් නෙමී. ඒනං. මක්කෙයි කීන්න යන්නෙ. මං මේ කීන්න යන්නෙ මං දැනට ඉන්න ගිරිදුරේ ප්‍රසිද්ද බාලිකා පාසලක දැරිවීකට වෙච්ච ඇබැද්දියක්.  බුකියෙන්.
               මේ කෙලී ඉගෙන ගත්තේ ගිරිදුරේ තියෙන එකම නම තීන බාලිකා පිරිමි පාසල් දෙකෙන් බාලිකා එකේ. (මුහුදු හුලං වැදි වැදි ඒක ගාව ඉස්සර මායි ගලයයි හිටිය ලමිස්සියො බලන්ට). මේ කෙලීට වයස 13 අවුරුදු යි. ඒ කීන්නෙ 8 වසරේ. තාම ඕලෙවල් තියා ඕලෙවල් ලීන්න හිතලවත් නෑ.
              අම්මයි තාත්තයි තාස්සනේ ට පුරුදු කොරන්ට කීල කෙල්ලට අරන් දුන්නලු කොම්පීටරයක්. නිකන් නෙමේ. ඉන්ටානෙට් සමග. අන්ලිමිටඩ් එකක්. ඉතින් කෙල්ල ඉස්කෝලෙ හමාර වෙලා ගෙදර එන්නෙ කොම්පීටරේ කොටන්න තමා. ඔය කෙල්ලොන්ගේ තියෙන්නෙ මාර මෙව්ව එකක්නේ.  මගුල. අපි වගේ ගල් බෝල ගේම් එකක් ගහන් ඉන්න බෑ කොම්පීටරේ තියාගෙන. කොරන්ට ඕන මගුල් බලන්න. අනුන්ගෙ ඕපදූප හොයන්න. කෙල්ලොන්ගෙ ඇද හොයන්න. කොල්ලොන්ගෙ ‍රැවුල ගනින්න. ඔව්ව තමා ඕන මුන්ට. ඉතින් කෙල්ලත් ඇඟට නොදැනී ගියාලු මේ කාලෙ කිසි එකෙකුට නොතිබිය නොහැකි, නොතිබ්බොත් ‍තෝ කාලකන්නියෙක් යැයි පවසන ෆේස් බුකියට.
               හලි. ඉතින් ඔන්න කෙලී පින්තූරයක් එහෙම දාල පටාන් ගත්තලු වැඩේ. සති දෙකයි. මෙන්න රික්වෙස්ට් එන්න ගත්තලු හෝ ගාල. අනේ හත්දෙය්යනේ. අපි හැමදාම ස්ටේටස් එකක් දාල වේලෙන හැටි අපිනෙ දන්නේ. ගෑනියෙක්ගෙන් රික්වෙස්ට් එකක් එනකන් මග බලන් ඉන්නෙ. ඒකට කෙල්ලොන්ට. මුන්ට තියෙන කමෙන්ට් ගොඩ. පුහ්.
                ඔන්න ඉතින් මේ කෙලීට බුකියේ සිටි එකෙක් ඇහැ දාන්න ගත්තලු. ඇහැ කියන්නෙ රබර් ඇහැ. මාත් ඕක දැම්ම තමා විමලට. ඒත් මම ඉතින් හොඳ කොල්ල නොවැ. ඒත් මේ පොලොස් කොට්ටෝරුවගේ වයස 24ක්.ඌ ඇහැ දාන්නේ 13 නංගියෙක්ට. මුගෙ මනමාල කම විතරක්. බූරුවා      
                චැට් පෝක් ටැග් පොස්ට් ආදී නොයෙකුත් විදික්‍රම භාවිතා කරමින් කෙල්ලව දැලේ දාගත් මේ යෝධයා කලේ ඒ කෙල්ලට සිදුකල යුතු සියල්ල ඉස්ට සිද්ද කිරීමයි. එනම් කෙල්ල ඒ වසලයාට වහ වැටී සිටියේය. කෙල්ල පාසල් ගියේ දවස් 3කි. ඉතිරි දවස් දෙක හැම සතියේම පාසල ලඟින් වෑනයෙන් බැස අර හිවලා සමග ගියේය.
                එක් දිනක් වාසනාවකටද කොහෙදෝ ඇගේ පියාණන්ට සැක හිතී පාසලට ගිය විට පාසලෙන් පවසා ඇත්තේ පාසලට පැමිනී නැති නිසා නෝ වගකීම් කියායි. ඉතින් ගිය එකා 1.30ට ගෙනත් බස්සනත් එපැයි. ඊට පස්සෙ වුන දේ දන්නවනේ. හින්දි පිචෑර් එකක වලියක් මෙනි. අවසානයේ සිටින්නේ පොලිස් කූඩුවේය. නමුත් අවසානයේ පොලීසිය වෛද්‍ය පරීක්ෂණ වලින් පසුව පවසා ඇති දෙය දැනගත් පසු මට ඒ කෙලී ගැන සිරාවටම දුකක් දැනුනි. ඔවුන් කියා ඇත්තේ නිසි වයස ආ විට ඔහුටම බන්දවා දෙන ලෙසය.
                 මෙවන් හිවලුන්ට හසුවන මෝඩ කෙලි පොඩිත්තන් ගැන මට මාර දුකය. මේ ගල්බෝල්ය දැම්මේ ඒකය. තමුන්ගේ කායික අවශයතා සපුරා ගැනීම සඳහා කුඩා දැරිවියක්ගේ ජීවිතය මෙසේ බිල්ලට තැබූ අය හට වැඩි කල් හොඳින් දිවි ගෙවිය නොහැක. ඔවුන්ගේ නරකාදිය සකසා ගත්තේ ඔවුන්මය.
                 ඒත් මා මේ පවසන්නේ බුකියේ ලව් භයානක බවය. 70%ක් ම භයානකය. එය සුපිරිය. ආස්වාදජනකය. හිතට මාර කික්ය. ඒත් එය භයානකය. මා එය කර තිබෙන නිසා දනිමි. මා අයිති වන්නේ ඉතුරු 30% බැවින් සතු‍ටු වෙමි. ඒත් ඔබ අයිති වන්නේ කුමකටදැයි මා නොදනිමි. තමුන්ගේ වල තමුන් කපාගැනීමෙන් වලකින්න යැයි අවවාද කරමි.
                මේ ගල්බෝලෙ වැදිච්ච වැඩිමහල් කස්ටිය දැන් ගිහින් තමුන්ගෙ දරුවට දීල තියෙන කොම්පීටරේ අයින් කරන්න එපා. ඒක මෝඩ වැඩක්. ලමයින්ට කොම්පීටර් ඕන. ඉන්ට්ර්නෙට් ඕන. ඒක පාලනය කරන්නත් බෑ. ඕන කෙනා තියෙන තැනින් ගන්නව. කොන්ට්‍රෝල් එක බල බල ඉන්නෙ නෑ. අම්ම තාත්ත මේ අවවාදෙ දුන්නට ලමය අහන්නෙ නෑ. ඒක මම හොඳට දන්නව. ඒක නිසා කරන්න තියෙන්නෙ ලමයට යන්න දීල බලන් ඉන්න එක. බලන් ඉන්න එක කීන්නෙ බලන් ඉන්න එක. වරදින්න යනව වගේ දැක්කොත් අනිවාර්යෙන් පෙන්නන්න. ලමය එතනට වැ‍රැද්ද වෙන බව දැනගෙන යයි. යන එක නවත්තන්නත් බෑ. ඒත් එතනින් බේරිල එන්න බලාගෙන තමයි යන්නේ.
                අනිත් එක තරුණ ඈයොන්ට කීන්නේ. කල හොඳ පස්සෙන් එලවනවා වගේම කල නරක 10 15 වතාවක් පස්සෙන් එලවනවා. ඒක නිසා තමුන්ගේ කුහක ආසාවන් සඳහා වෙනත් ඕනෑම කෙනෙකුගෙ ජීවිත වලට ඇඟිලි ගහන එකෙන් නවතින්න. දිට්ට දම්ම වේදනීය කර්ම අනුව රිටන් එක හම්බවෙයි.