Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts

Monday, July 9, 2012

මටම කියල මගේම කවරයක්

            හූ ඈහ්.. ලොල්.

            මෙච්චර කල් එන්න බැරිව හිටියට සොරි කියල ආයෙත් වැඩ ටික පටාංගන්නකො. එක එක හේතු කාරණා නිසා රාජාධානිය පැත්තෙ හොට දාන්න බැරි වුනාට ඔන්න අද ආයෙ අයෑම් බැක් ඈහ්.

            මගේ මූනුපොතේ ඉන්න කස්ටිය එහෙම දන්නව ඇතිනෙ මගේ කවර් පොට්ටෝ අමුතුයි කීල. ඒ කියන්නෙ කස්ටමයිස්ඩ් කවර් පොටෝස් නෙ තියෙන්නෙ. මටම හදපුව. මමම හදාගත්තුව. සමහරු අහනව කෝමද හරියටම එව්ව හරි ඩයිමෙන්සන් තියල ලස්සනට හදන්නෙ කීල. ඕන් අද මං ඒක කීල දෙන්නම්

                හරි. මුලින්ම මේකට ඕන කරනව තමුන්ගෙ පොපයිල් එකේ ටයිම්ලයින් ඇක්ටිවේට් කරල තියෙන එක. ටයිම්ලයින් දාල නැත්තං ඉතිං කවර් පොටෝ දාල වැඩක් නෑනෙ. ටයිම්ලයින් හැමෝටම ඇක්ටිව් කරන්න බෑ. ප්‍රොෆයිල් එක හදල ටික කාලයක් තියන්න ඕන. නැතුව බෑ.

                ඇක්ටිව් කරල නැත්තං මෙතනට ගිහිං කියන එක නම් ඒක ක්ලික් කරල ඇක්ටිව් කරගන්න. එහෙම එකක් නෑ කියන්නෙ ඔයාට දැන්ම කරගන්න බෑ



                  හරි. දැන් ඕන දේ තමා පොටෝසොප්. පොටෝසොප් නැත්තං ඉතිං හොයාගන්න වෙනව. ඒකෙ ලින්ක් එකක් මෙතන දාන්න නම් මං ආස නෑ. හොර විදියට බඩු දෙන්න මෙතන යොදාගන්න මං ආස නෑ. ඒත් ඉතිං උදව්වක් කරන්නං. www.torrentz.eu එකට ගිහිං torrent එකක් සර්ච් කරල බලන්න.
             
                  හරි. සමහරු හිතනව ඇති මේකට පොටෝසොප් දැනගන්න ඕන කීල. ඒම ඕන නෑ. මේකට ඕන පොටෝසොප් ටූල්බාර් එක යූස් කරන්න දැනගන්න එක විතරයි.

                එකක ඩයිමෙන්සන් තමයි මේ දාල තියෙන්නෙ. මේක බලන්නකෝ.



                 මේ පොටෝ එකේ මැද්දෙ තියෙන පික්සල් ගනන් වල නිරවද්‍යතාව පිකස්ල් 0-2 අතර නිරවද්‍ය නොවෙන්න පුලුවන්. ඒත් පික්සල් දෙකක වෙනසක් කාටවත් පේන්නෙ නෑ. මං එහෙම වෙනසක් තියෙන්න පුලුවන් කියල කිව්වෙ මේ ඩයිමෙන්ශන් එක එක්කෙනා කියන ගනන් එකිනෙකට වෙනස් නිසා. මං මේ දැම්මෙ මට ගොඩක් හරි කියල හිතෙන එක.

                 ඒත් පොඩි අවුලක් තියෙනව. ඒ කියන්නෙ අපේ ප්‍රොෆයිල් එකට ආපු ගමන් මුලු කවර් ෆොටෝ එකම පේන්නෙ නෑ. පේන්නෙ තුන්කාලක් වගේ. හරියටම කියනවනම් මුලු කවර් ෆොටෝ එකේ පල්ලෙහා ඉඳන් 229px තමයි පේන්නෙ. Profile picture එකේ උඩ ඉඳන් 114px තමයි පේන්නෙ. ඒක නිසා ඊට වඩා උඩින් දේවල් දැම්මට ඒවා එකපාරම පේන්නෙ නෑ. ඒකත් මතක තියාගන්න.

               තනියෙම ඩිසයින් කරගන්න කැමති අය තනියම ඩිසයින් කරගන්න. ඒත් ඔය ඩයිමෙන්සන් මැනගන්න අමාරු අයට තමා මේ හෙල්ප් එක. මෙන්න මගෙන් ටෙම්ප්ලේට් එකක්. මේකෙන් ලේසියෙන් ඔය මිනුම් කරගන්න පුලුවන් වෙයි.


                අනිත් එක සිංහලෙන් පොටෝසොප් වල ටයිප් කරන හැටි දැනගන්න ඕනනං මගේ පරන ගල්බෝල බලන්න.
               දැන් ඉතිං තියෙන්නෙ හදන්න තමයි. තමුන්ට කැමති වචන පින්තූර දාල මං කියපු දේවලුත් මතක තියාගෙන තමුන්ට ඕන විදියට කවර් පොටෝ එක හදල අප්ලෝඩ් කරගන්න. ලස්සනට හදන්න. හැමවෙලේම අලුත් දෙයක් දාන්න බලන්න.

               මේ තියෙන්නෙ මං හදපු ඒව දෙක තුනක්...


ඒනං මං අදට යනව ඈහ්. බායි...

Wednesday, May 30, 2012

මගේ බුකිය මට දෙන්න - බුකියම ඩවුන්ලෝඩ් කරමු

       ඔන්න සිද්දිය. කස්ටිය ගොඩක් මේක දන්නෙ නෑ. තමුන්ගේ මූනු පොතට කෙල වුනොත් මක්කෙයි කොරන්නේ. ඒ කීන්නේ. මම දන්නෙ නෑ කෝම, කවදා කෙලවෙයිද කීල. මට නම් තාම එක පාරක් කෙලවෙන්න ගිහින් යාන්තන් බේරගත්ත වැඩ දන්න නිසා.
       අපි හිතමු හැකියෙක් අපේ එකට වැඩක් දෙන්න ආව. ඒත් ඩීඇක්ටිව් කොලාට වැඩක් නෑනේ. ඩිලීට් වෙන්නෙ නෑනේ. පාස්වර්ඩ් වෙනස් කරත් මොකක් හලි මෙව්ව එකක් කොරගන්න පුලුවන් නේ. ඒත් පොට්ටෝ වීඩියෝ ඩිලීට් කලොත්. නැත්තන් පාස් අමතක වෙලා අලුත් අකවුන් එකක් හදන්න ගියාම කෝ පරණ පොට්ටෝ වීඩියෝ.

                 අන්න ඒකට විසඳුමක් තමා ෆේස්බුක් ආකයිව් ඩවුන්ලෝඩ් කීන්නේ. ඒක සිරා. ඒකෙන් කොරන්නේ අපේ මුලු ප්‍රොපයිල් එකම ආකයිව් එකක් නැත්තන් සිප් ෆයිල් එකක් විදියට හරවල ඩවුන්ලෝඩ් කරගන්න දෙනව. ඒකෙ තීනව අපේ ඔක්කොම පොට්ටෝ වීඩියෝ (අපි අප්ලෝඩ් කරපුව ). තව අපේ දැනට ඉන්න ෆ්‍රෙන්ඩාලා හැමොගෙම නම්. අපේ වෝල් එකයි මැසේජස්, නෝට්ස් ටිකයි (මේවනම් සම්පූර්ණයෙන් නෙමෙයි. බොහොම ටිකයි . ඒත් පොට්ටෝ ඔක්කොම තීනවා) තීනව. ඉතින් මේක මසුරං නේ. බැකප් කොරල තියාගන්න පුලුවන්නේ අපේ මැසිමේ.
                  මේක කොලන්නෙ මෙන්න මෙහෙමයි. හැබැයි ජුන්ඩක් ඉවසන්න ඕන.

Step 01
            තමුන්ගෙ බුකියට ලොග් වෙලා යන්න account settings වලට. දැන් කස්ටිය මගේ ඇත්ත පෝපයිලය දකියි. කමක් නෑ නොවැ. මං පොලීසියට බයේ හැංගිලා නෑනේ.



Step 02
            ඊට පස්සෙ account settings පේජ් එකට යයි. ඒකෙ තීන genral account settings කීන ටැබ් එකට තමා මුලින්ම යන්නෙ. වෙනස් වුනොත් වම්පැත්තෙන් ඒක සිලෙක්ට් කොරගන්න. ඒක පහල තීනව Download a copy of your Facebook data කීල ලින්ක් එකක්. අන්න ඒක ක්ලික් කොරන්න.


Step 03
           ඊට පස්සේ යන පේජ් එකේ start my archive එක ක්ලික් කොරන්න


Step 04
           දැන් ඉතින් ඉවසන්න. ඉවර වෙනකන් ඉවසන්න. මම නම් ඉස්සර එක පාරක් බාගත්තා. දැන් ආයෙ ඉවසන්න කම්මැලී. ඒත් මට නම් ගියා පැය 4ක්. ඉවසුවා. කමක් නෑනේ. ඉවරවුනාට පස්සෙ මේල් එකක් එනවා අපේ ඊමේල් එකට. මතක විදියට නොටි‍ෆිකේශන් එකක් නම් එන්නේ නෑ. එකෙ තීන ලින්ක් එකට යන්න. ඊට පස්සෙ එනව අපේ පාස්වර්ඩ් එක ගහන්න තැනක්. ඒකෙ පාස්වර්ඩ් එක ගහල ඩවුන්ලෝඩ් කරගන්න.

 මගෙ ආකයිව් එක මෙගා බයිට 234ක්. ඔක්කොම පොට්ටෝ වීඩියෝ තිබ්බ. සෝයිනේ. එහෙනම් කස්ටිය දැන්ම වැඩේ කොරගන්න.

මේ තීන්නෙ මගේ එකේ පොඩි එස්සාම්පල් එකක්.


බොරු නෙමේ කීල දැන් තේරෙනවනේ. ඔක්කොම කමෙන්ට් එක්ක තීනවා. මං ගියා. ඊලඟ ගල්බෝලෙදි හම්බවෙමු.


ෆේස් බුකියේ පෙම් පලහිලව්ව

             හි හී. කස්ටිය බලනව ඇති ටෙක්නිකොල් පෝස්ට් දෙකක් කලින් දාපු තඩි බොරළුට මේ මක්කෙයි වුනේ කීල. එහෙම තමා. මේකට මම ටෙක්නොලන්තෙ කීල නම දැම්මනම් ඉතින් එව්වම දාන්න තිබ්බ. ඒත් මගේ වැඩි ආසාව තීන්නෙ ඒ අංසෙට තමා. මොකො මං ගිරිපුර තොරතුරු තාක්සන විස්ස විද්‍යාලෙ කෙනෙක් නොවැ.
            මේ ගල් බෝලෙ පොඩියි. බට් කෙලින්ම ලියන්නෙ ගිරිපුර පොඩි ඈයොන්ට තමා. වයස 40 45 උන්ට මොන ලව්ද ෆේස්බුකියෙ. ( මං එහෙම කිව්වට ඕන තරම් ඔය නාකි මනමාලයො ඉන්නෙ ).
            එක අතකින් බුකියෙ ලව් සෝයි. ඒ වගේම මාවලස්. එක අතකින් ඉන්ක්‍රෙඩිබල් . තව අතකින් ග්ලැමරස්. තව අතකින් ඩේන්ජරස්.
                ඇත්තම කීන්නන්කො. මටත් ඔය විමලව සෙට් වුනේ බුකියෙන්ම තමා. බුකිය තමා බුකිය. විමලයෙ අක්ක කෙනෙක් ගෙ පෝපයිලයෙන් විමල සැට් වුනා. අක්කගෙ තමා පුල් සප් එක. අක්කට තැන්කූ.
                මම මේ කීන්න යන්නේ විමල ගැනවත් විමලගේ කඩියා ගැනවත් නෙමී. ඒනං. මක්කෙයි කීන්න යන්නෙ. මං මේ කීන්න යන්නෙ මං දැනට ඉන්න ගිරිදුරේ ප්‍රසිද්ද බාලිකා පාසලක දැරිවීකට වෙච්ච ඇබැද්දියක්.  බුකියෙන්.
               මේ කෙලී ඉගෙන ගත්තේ ගිරිදුරේ තියෙන එකම නම තීන බාලිකා පිරිමි පාසල් දෙකෙන් බාලිකා එකේ. (මුහුදු හුලං වැදි වැදි ඒක ගාව ඉස්සර මායි ගලයයි හිටිය ලමිස්සියො බලන්ට). මේ කෙලීට වයස 13 අවුරුදු යි. ඒ කීන්නෙ 8 වසරේ. තාම ඕලෙවල් තියා ඕලෙවල් ලීන්න හිතලවත් නෑ.
              අම්මයි තාත්තයි තාස්සනේ ට පුරුදු කොරන්ට කීල කෙල්ලට අරන් දුන්නලු කොම්පීටරයක්. නිකන් නෙමේ. ඉන්ටානෙට් සමග. අන්ලිමිටඩ් එකක්. ඉතින් කෙල්ල ඉස්කෝලෙ හමාර වෙලා ගෙදර එන්නෙ කොම්පීටරේ කොටන්න තමා. ඔය කෙල්ලොන්ගේ තියෙන්නෙ මාර මෙව්ව එකක්නේ.  මගුල. අපි වගේ ගල් බෝල ගේම් එකක් ගහන් ඉන්න බෑ කොම්පීටරේ තියාගෙන. කොරන්ට ඕන මගුල් බලන්න. අනුන්ගෙ ඕපදූප හොයන්න. කෙල්ලොන්ගෙ ඇද හොයන්න. කොල්ලොන්ගෙ ‍රැවුල ගනින්න. ඔව්ව තමා ඕන මුන්ට. ඉතින් කෙල්ලත් ඇඟට නොදැනී ගියාලු මේ කාලෙ කිසි එකෙකුට නොතිබිය නොහැකි, නොතිබ්බොත් ‍තෝ කාලකන්නියෙක් යැයි පවසන ෆේස් බුකියට.
               හලි. ඉතින් ඔන්න කෙලී පින්තූරයක් එහෙම දාල පටාන් ගත්තලු වැඩේ. සති දෙකයි. මෙන්න රික්වෙස්ට් එන්න ගත්තලු හෝ ගාල. අනේ හත්දෙය්යනේ. අපි හැමදාම ස්ටේටස් එකක් දාල වේලෙන හැටි අපිනෙ දන්නේ. ගෑනියෙක්ගෙන් රික්වෙස්ට් එකක් එනකන් මග බලන් ඉන්නෙ. ඒකට කෙල්ලොන්ට. මුන්ට තියෙන කමෙන්ට් ගොඩ. පුහ්.
                ඔන්න ඉතින් මේ කෙලීට බුකියේ සිටි එකෙක් ඇහැ දාන්න ගත්තලු. ඇහැ කියන්නෙ රබර් ඇහැ. මාත් ඕක දැම්ම තමා විමලට. ඒත් මම ඉතින් හොඳ කොල්ල නොවැ. ඒත් මේ පොලොස් කොට්ටෝරුවගේ වයස 24ක්.ඌ ඇහැ දාන්නේ 13 නංගියෙක්ට. මුගෙ මනමාල කම විතරක්. බූරුවා      
                චැට් පෝක් ටැග් පොස්ට් ආදී නොයෙකුත් විදික්‍රම භාවිතා කරමින් කෙල්ලව දැලේ දාගත් මේ යෝධයා කලේ ඒ කෙල්ලට සිදුකල යුතු සියල්ල ඉස්ට සිද්ද කිරීමයි. එනම් කෙල්ල ඒ වසලයාට වහ වැටී සිටියේය. කෙල්ල පාසල් ගියේ දවස් 3කි. ඉතිරි දවස් දෙක හැම සතියේම පාසල ලඟින් වෑනයෙන් බැස අර හිවලා සමග ගියේය.
                එක් දිනක් වාසනාවකටද කොහෙදෝ ඇගේ පියාණන්ට සැක හිතී පාසලට ගිය විට පාසලෙන් පවසා ඇත්තේ පාසලට පැමිනී නැති නිසා නෝ වගකීම් කියායි. ඉතින් ගිය එකා 1.30ට ගෙනත් බස්සනත් එපැයි. ඊට පස්සෙ වුන දේ දන්නවනේ. හින්දි පිචෑර් එකක වලියක් මෙනි. අවසානයේ සිටින්නේ පොලිස් කූඩුවේය. නමුත් අවසානයේ පොලීසිය වෛද්‍ය පරීක්ෂණ වලින් පසුව පවසා ඇති දෙය දැනගත් පසු මට ඒ කෙලී ගැන සිරාවටම දුකක් දැනුනි. ඔවුන් කියා ඇත්තේ නිසි වයස ආ විට ඔහුටම බන්දවා දෙන ලෙසය.
                 මෙවන් හිවලුන්ට හසුවන මෝඩ කෙලි පොඩිත්තන් ගැන මට මාර දුකය. මේ ගල්බෝල්ය දැම්මේ ඒකය. තමුන්ගේ කායික අවශයතා සපුරා ගැනීම සඳහා කුඩා දැරිවියක්ගේ ජීවිතය මෙසේ බිල්ලට තැබූ අය හට වැඩි කල් හොඳින් දිවි ගෙවිය නොහැක. ඔවුන්ගේ නරකාදිය සකසා ගත්තේ ඔවුන්මය.
                 ඒත් මා මේ පවසන්නේ බුකියේ ලව් භයානක බවය. 70%ක් ම භයානකය. එය සුපිරිය. ආස්වාදජනකය. හිතට මාර කික්ය. ඒත් එය භයානකය. මා එය කර තිබෙන නිසා දනිමි. මා අයිති වන්නේ ඉතුරු 30% බැවින් සතු‍ටු වෙමි. ඒත් ඔබ අයිති වන්නේ කුමකටදැයි මා නොදනිමි. තමුන්ගේ වල තමුන් කපාගැනීමෙන් වලකින්න යැයි අවවාද කරමි.
                මේ ගල්බෝලෙ වැදිච්ච වැඩිමහල් කස්ටිය දැන් ගිහින් තමුන්ගෙ දරුවට දීල තියෙන කොම්පීටරේ අයින් කරන්න එපා. ඒක මෝඩ වැඩක්. ලමයින්ට කොම්පීටර් ඕන. ඉන්ට්ර්නෙට් ඕන. ඒක පාලනය කරන්නත් බෑ. ඕන කෙනා තියෙන තැනින් ගන්නව. කොන්ට්‍රෝල් එක බල බල ඉන්නෙ නෑ. අම්ම තාත්ත මේ අවවාදෙ දුන්නට ලමය අහන්නෙ නෑ. ඒක මම හොඳට දන්නව. ඒක නිසා කරන්න තියෙන්නෙ ලමයට යන්න දීල බලන් ඉන්න එක. බලන් ඉන්න එක කීන්නෙ බලන් ඉන්න එක. වරදින්න යනව වගේ දැක්කොත් අනිවාර්යෙන් පෙන්නන්න. ලමය එතනට වැ‍රැද්ද වෙන බව දැනගෙන යයි. යන එක නවත්තන්නත් බෑ. ඒත් එතනින් බේරිල එන්න බලාගෙන තමයි යන්නේ.
                අනිත් එක තරුණ ඈයොන්ට කීන්නේ. කල හොඳ පස්සෙන් එලවනවා වගේම කල නරක 10 15 වතාවක් පස්සෙන් එලවනවා. ඒක නිසා තමුන්ගේ කුහක ආසාවන් සඳහා වෙනත් ඕනෑම කෙනෙකුගෙ ජීවිත වලට ඇඟිලි ගහන එකෙන් නවතින්න. දිට්ට දම්ම වේදනීය කර්ම අනුව රිටන් එක හම්බවෙයි.