Wednesday, July 11, 2012

මූණු 3 විරාගය - පලමු ලිපිය

                   ලියන්නට සිටි දෑ සියල්ල වෙනස් විය. කතාව වෙනම පැත්තකට හැරුණි. අද දවසේදී මොබයිල් ෆෝන් වල රහස් හෙලිකරන ලිපියක් ලියන්නට ඊයේ ඉටාගත් මා හට මේ සිදුවූයේ කුමක්දැයි මා නොදනිමි. නමුත් දැන් මගේ ඇස් වලට කඳුලක් ඇවිත් ඇති සේ මට දැනේ. ජීවිතයේ ප්‍රථම වතාවට මා හදවත එක් සිනමාපටයක් විසින් සංවේදී කලේය. හේතුපාඨ කිසිවක් ඒ සඳහා දීමට නොහැකිය. නමුත් මා ජීවිතයේ මෙතෙක් කල් නැරඹූ දහස් සංඛ්‍යාත සිනමාපට අතුරින් මා පලමු තැනට පත්කරන ලද සිනමාපටයක් අද නැරඹුවෙමි. කෙටියෙන්ම කියතොත් මා මෙතෙක් නැරඹූ අතිශය භාවාත්මකම සහ මානසික සංධර්භයේ උත්තුංග කොටස් තරණය කරමින් ගැඹුරු චිත්ත රේඛාවන් කෙරෙහි ඇමතූ පලමු සිනමාපටය එය විය.

                   මා මිතුරු ලෝපේස් ගේ වැදගත් කාර්යයක් සඳහා දහවල් වරුව වැය කිරීමට සිටි මා එය පැයක් පරක්කු කර මේ පිළිබඳව ලිපි 3ක් ලිවීමට ඉටාගතිමි. සාමාන්‍යයෙන් යහලුවකුගේ වැඩක් පස්සට නොදානා මම (විශේෂයෙන් ලෝපේස්ගේ) එය තරමක් පරක්කු කරවීමට තරම් මෙය මගේ සිතට කාවැදුණි. දෙමළ චිත්‍රපටි නැරඹීමට සිංහල ඒවාට වඩා කැමති මා මූණු නොහොත්  3 නරඹන්නට ගත්තේ උදෑසන වරුවේය. දහවල් 12 පමණ වනවිට නරඹා අවසන් වන විට මා මේ සඳහා ලිපි 3ක් ම ලිවීමට ඉටාගත්තේ එහි නමට ගරුකිරීමක් වශයෙන් පමණක් නොව ලිපි 3ක් ලිවීමට තරම් එය වැදගත් ද බැවිණි. කොතෙක් ද කිවහොත් මූණු(3) සඳහා සෝනි මියුසික් ඉන්දියා ආයතනය විසින් පූර්ව ප්‍රචාරක පට තුනක්ද නිෂ්පාදනය කලේය.


                   ධනුෂ් සහ ස්රුතී හසන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන 3 හි නිෂ්පාදනය ධනුෂ් ගේ බිරිඳ වන අයිශ්චර්යා ධනුෂ් විසිනි. නිෂ්පාදනය කේ.විමලගීතා විසිනි. රචනය අයිශ්චර්යා ධනුෂ් විසිනි. මෙය කියවන ඕනෑම කෙනෙක් 3 පිළිබඳව දන්නා බව මා මුලින්ම සඳහන් කරමි. ඒ කොහොමදැයි සමහරුන්ට ප්‍රශ්නයක් පැනනැගිය හැක. නමුදු වයි දිස් කොලවෙරි ඩී ගැන නොදන්නා අන්තර්ජාලය පරිහරණය කරන්නෙකු සිටිය නොහැක. ලොව වඩාත්ම ජනප්‍රිය ගීතය වන වයි දිස් කොලවෙරි ඩී 3 සිනමාපටය සඳහා නිපැයුණු ගීතයකි. තමුන්ට ඕනෑ ඕනෑ විදියට වයි දිස් කොලවෙරි වෙනස් කරගනිමින් භාවිතා කරන්නවුන්ට එම සරල තාලය තුල ඇති සංකීර්ණ පදමාලාවේ ගැඹුර තේරුම් ගැනීමට සිනමාපටය නැරඹිය යුතුම වේ.

                   3 නොහොත් මූණු ගොඩනැගෙනුයේ ධනවත් පවුලක තරුණයෙකු වන රාම් සහ මධ්‍යම පාන්තික තරුණියක වන ජනනි අතර ගොඩනැගෙන ප්‍රේමසම්බන්ධතාව වටාය. නමුත් එය වෙනත් සිනමාපටවල මෙන් මුළු කතාව පුරාම ඔවුන් දෙදෙනා විවාහ නොවී ඒ සඳහා අර අඳිමින් සිටිනා ලාම්පුරේ ප්යාර් කරේ විගඩමක් නොවේ. ප්‍රේම සබඳතාව ආරම්භ වූ පසුව ගතවන සියලු දවස් දක්වන නයි කයිද රෝස්පාං කතාවක්ද නොවේ. මූණු යනු ඉන් හාත්පසින්ම වෙනස් සිනමාපටයකි. 

                   කෙතරම් ධනවත් දෙමාපියන් යටතේ හැදී වැඩෙන පවුලේ එකම පුතු වූවද ධනවත් බව නොසලකා ජීවත් වන රාම් හට ජනනි හමුවන්නේ වැසිදිනයක තම බයිසිකල් චේනය දමාගැනීමට නොහැකිව දඟලන අවස්ථාවකය. එතැන් සිට ඇගේ හිත දිනාගැනීම ඔහු කරනා වීර වික්‍රමාන්ත සඳහා ගතවන පැය භාගයක පමණ කාලය සිනහ උපදවන සහ කුතුහලය දනවන විනාඩි කිහිපයකි. නමුත් අවසානයේ ඇගේ සිත දිනාගන්න ඔහු ඈ හා පෙමින් බැ‍ඳෙන්නේ අපේ බාසාවෙන් කියනවානම් බොක්කෙන් ලව් කරනා හරකෙක් ලෙසය. ජනනිද ඊට දෙවනි නැත. ඈද වසුපැටියෙකු පස්සේ යන මස්කඩකාරයෙකු සේ ඔහුවම සොයයි. පලමුව දෙමාපිය කැමැත්ත නැතුවද පසුව දෙමාපිය කැමැත්ත ඇතුවද ඔවුන් සුවසේ ජීවත් වේ.

                   නමුත් සිනමාපටයේ දැන් නරඹන්නට ඔබ හදනවානම් මගේ කතාව සම්පූර්ණයෙන් බොරු යැයි සිතෙන්නටද පුළුවන. සුවෙන් පසුවේ යැයි කීම කෙතරම් දුරටදැයි මා කීවේ නැත. සිනමාපටය ආරම්භවන්නේ මළගෙදරක දර්ශනයකිනි. කිසිවක් කතාකරගැනීමට නොහැකිව සිටින ජනනී ද මලමිනියක් සේයැයි ඔබට සිතිය හැක. එතැන් සිට දිගහැරෙන සිනමාපටය කුතුහලය, ආදරය, සෙනෙහස, මව්පිය බැඳීම, විකාර සහ සියලු අංගෝපාංග වලින් සමන්විත වූ නියම සිනමාපටයක් බවට මට පැවසිය හැක. තවද මා දු‍ටු අනර්ගම සටන් ජවනිකාවලින් එකක් ඇත්තේද මෙහි බව ඉඳුරාම ප්‍රකාශ කල හැක. තවත් දිගට ලිව්වෝතින් සිනමාපටයම ඔබට කීමට මට සිදුවනු ඇත. ඊට වඩා අවශ්‍ය වන්නේ ඔබ එය නැරඹීමයි. සමහරුන්ට මෙය බයිබ්ලොග්ස් වල වගේ ත්‍රී කණ්ඩායමේ කවුරුන් හෝ මට මුදල් දී මෙය ලීමට කිව්වාදෝයැයි සිතුනාට මට කමක් නැත. මට එසේ සතපහක මුදලක් මේ ලිපි වලින් ලැබැන්නේ නැත. මට අවශ්‍ය වනුයේ මා සතු වැදගත් දැනුම හා විනෝදය ඔබ සමග බෙදාගැනීමය

                   චිත්‍රපටයට 3 ලෙස නම් තබා ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මා නොදනිමි. නමුත් එයට මා හට සිතුවිලි දෙකකි. ඒ රාම් සහ ජනනි අතරට පැමිණි තෙවැනියා නිසා විය හැකිය. නැතිනම් රාම්ගේ ජීවිතයේ ඇති අවධි තුනක් පිළිබඳව මින් නිරූපණය කරන නිසාද විය හැක. නැතහොත් රාම් යනු අන්ත දෙකක් අතර ජීවත් වන තෙවැනියෙකු නිසාද විය හැක. ඒ මට හිතෙන දේය. ඔබට හිතෙන දේ ඉන් වෙනස් විය හැක.

                   ඩිරෙක්ට් බලන්න ඕන අයට ඩිරෙක්ට් බලන්න, ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඕන අයට එහෙම බලන්න ඕන ඕන විදියට මා මෙහි පහසුකම් සපයා ඇත. 

                   මා ඉතිරි ලිපි දෙක අද රාත්‍රියේදී පලකිරීමට බලාපොරොත්තුවෙමි. පැය දෙකයි විනාඩි විස්සක් පුරා දිගෑරෙන මේ මානසික චිත්‍රය ඔබ නරඹා අවසානයේ ඔබට හිතෙන දේ මෙහි පලකරන මෙන් ඉල්ලා සිටිමි. නමුත් මා පවසන්නේ නම් දෙවනි හා තෙවනි දිගහැරුම් කියවීමට පෙර මෙය අනිවාර්යෙන්ම නරඹන ලෙසය. එසේ නොවුනහොත් ඒවා තේරුම් ගැනීමට ඔබට මහත් වෙහෙසක් දැරුවද නොහැකි වීමට ඉඩ ඇත. ඒ මින් ලැබෙන මානසික වෙනස් කම කිසිදා කිවනොහැකි බැවිනි.

                   සිත නැමැති මානසික සංදර්භය තුල හටගන්නා අවිදූර් විරාගික සැබෑ හැඟීමක් වන ආදරය මගින් මිනිස් ජීවිතයක් කෙරේ කෙතරම් බලපෑම් ඇතිකල හැකිදැයි මෙය නැරඹීමෙන් ඔබට වටහාගත හැකිවෙයැයි මා සිතමි. මේ අත්දැකීම එලෙසම පිහිටන කිසිදු ජීවියෙක් මිහිපිට මේ වන විට වාසය කල නොහැකි වුවද මට ලෙසටම ඔබලාගෙන් ඇතැමුන්ට මෙයින් කිසියම් හෝ අත්දැකීමක් ඇතැයි මා සිතමි. එවන් පුද්ගලයින්ට තම අතීතය අනිවාර්යෙන්ම මතක් වෙනු ඇතැයි මා අත්දැකීමෙන්ම දනිමි.

                   ආදරය නිරාමිස විරාගික එකක් බව සැමවිටම මතක තබාගන්න. එය පෙම්වතුන් අතර ඇති ආදරය පමණක් නොව, දෙමාපිය දූදරු, ගුරු සිසු, ස්වාමියා සුරතලා අතර ඇති සැබෑ ආදරය ගැන වුවද සත්‍යයකි.

                   එසේනම් ඔබ සැමට වයි දිස් කොලවෙරි ඩී......

++ === සිනමාපටය නැරඹීමට === ++

                                  ඉංග්‍රීසි උපැසි‍රැසි සහිතව සිනමාපටය නැරඹීමට නම් මෙය යොදාගන්න. නමුත් මෙය මෙහි ඇත්තේ 380px සිනමාපටයක් ලෙසය. එබැවින් fullscreen දැමීම සුදුසු නැත. යූටියුබ් ප්ලේයරයේ දකුණුපස් ඇති ලාර්ජ් ප්ලේයර් ඔප්ෂනය මගින් නැරඹීම වඩා සුදුසු බව මගේ මතයයි.
                                   භාගත කරගෙන පරිගණකයේම හෝ ප්ලේයරයක නැරඹීමට මෙය යොදාගන්න.
                                               Seed 72     Leech 37
                                               Audio Quality Rate  8/10
                                               Video Quality Rate  8/10
                                               Size   682Mb
                                               Video Res  624*272     
                                               Bitrate  603Kb/s      Framerate  29.970 FPS
                                     මෙහි උපැසි‍රැසි රහිත වුවත් වීඩියෝ පික්සල් මෙනූ රාශියක් අතුරින් ‍තෝරා නැරඹිය හැක. 720px ලෙස HD movie එකක් ලෙස නැරඹීමටද මෙහිදී හැකියාව ඇත.



7 comments:

Ridma said...

patta film eka ban..man baluwa oka..andenawa........

තරියා said...

එල එල ඈ...

ධවල රණවීර said...

ඇඬෙනව බං අදම බලනව ෆිලුම් එක එල ....... සුපිරිම පූර්විකාවක් ....

A-කිලර් said...

pattai ඈ ... මට බලන්න link එකක් හොයන්න කම්මලිකෙකමේ හිටියේ... තැන්කූ ඈ

Unknown said...

Adow fatta fata fata

YAS said...

patta film 1ka bn...:)...

Anonymous said...

The best BLOG!!!!!!!! Congratulations/////

Post a Comment