Showing posts with label mobile. Show all posts
Showing posts with label mobile. Show all posts

Monday, July 16, 2012

android කියන්නෙ මුනාද - II - Version Comparison(i)

                    මේ ගල්බෝලෙන් මං කියල දෙන්න යන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල වර්ශන් අනුව තියෙන වෙනස් කම් සහ ඇඩ් වෙච්ච වැඩකෑලි ගැන. හැමෝටම ඕන තමුන්ගෙ ස්මාර්ට්ෆෝන් එක තව ස්මාට් කරගන්නනේ. ඉතිං මේ ඔප්ශන්ස් යූස් කරල නැත්තං යූස් කරන්න්ත්, ඊට වඩා වැඩි වර්ශන් එකක් ඕනනං ඇන්ඩ්‍රොයිඩ් එක අප්ඩේට් කරගන්නත් කට්ටියට පුලුවන්. හැබැයි අප්ඩේට් කරන එකේ ලිමිට් එකක් තියෙනව හොඳේ.

                    හරි. ගූගල් ලා මුලිනම එව්වෙ ඇන්ඩ්‍රොයිඩ් බීටා වර්ශන් එකක්. ඒ කියන්නෙ Android 0.9 - Android Beta කියන එක. මේක එව්වෙ 2008 අගෝස්තු 18. බීටා වර්ශන් එකක් එවන්නෙ ටෙස්ට් කරන්නනෙ. ඉතිං මේකෙං එච්චරම ප්‍රයෝජනයක් නෑ අපිට. ඊට පස්සෙ පිලිවෙලින් 2008 සැප්තැම්බර් 23, 2009 පෙබරවාරි 9 දි Android 1.0 - Applie Pie , Android 1.1 - Banana Bread කියන වර්ශන් එලිදැක්වුනා. නමුත් මේවා වලත් ගතයුත්තක් තිබ්බෙ නෑ. ඒක නිසා මේවත් කවුරුත් වැඩිය පාවිච්චියට ගත්ත ඒවා නෙමෙයි. ඒත් Android SDK එක එලිදැක්වුනේ මේ වර්ශන් එක්කමයි. Apple Pie - API Level 1 සහ Banana Bread - API Level 2 ලෙස කාණ්ඩ ගතවුනා. කියන්නෙ මොකක්ද කියල ඉස්සරහදි බලමු.

                    ඔන්න ඊට පස්සෙ තමයි නියම ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ එලියට ආවෙ. ඒ 2009 අප්‍රේල් 30 වෙනිදා එලිදැක්වුනු Android 1.5 - Cupcake එක්ක. දැනට තියෙන ඇන්ඩොයිඩ් මාකට් (Android Market) නොහොත් මාසයකට පමණ පෙර සිට Play Store ලෙස වෙනස් වූ Android Application Storeයෙන් 0.2%කට හිමිකම් කියන්නේ මේ Cupcake Based Applications. මේකෙ Android SDK API Level 3 ට අදාල වෙන OS එකක්. Cupcake එකේ තමයි Bluetooth A2DP සහ AVRCP මුලින්ම Android වලට ආවෙ. Text Prediction, Video Streaming වගේ දේවලුත් මේකට ඇතුලත්. මේ Technology ගැන බයවෙන්න එපා. මේ ඔක්කොම ඉස්සරහට විස්තර කරල දෙන්නං.

                    2009 සැප්තැම්බර් 15 වෙනිදා එලියට ආපු Android 1.6 - Dount වලනම් Cupcake ට වඩා වැඩිය ආවෙ නෑ. ඒත් TBT Navigation සහ Gesture Framework එකක් දාල එවපු නිසා Maps/Navigation වලයි Display UI Widget Developing වලයි දියුණුවක් ඇති වුනා. Donut කියන්නෙ API Level 4 OS එකක්. ඒක Android Market(Play Store) එකෙන් 0.5% Application වලට හිමිකම් කියනව.

                    ඔන්න ඊට පස්සෙ ආව සිරාම සිරා වර්ශන් එකක්. Android 2.0 - Eclair .ඒක එලිදැක්වුනේ 2009 ඔක්‍තෝබර් 26. ඒ කියන්නෙ Donut වලට ඉඩලැබුනේ මාසයක් වගේ පොඩි කාලයක් විතරයි. Android Eclair වලින් ඇන්ඩ්‍රොයිඩ් ජනප්‍රියවෙන්න පටන් ගත්ත කියන්න පුලුවන්. මොකද Eclair වලට ඉතා හොඳ දේවල් බොහොමයක් දාල තිබුණා. HTML support, Bluetooth 2.1 තාක්ෂනය, Microsoft EXS intergration, Digital Zooming, Live Wallpapers වගේ බොහොමයක් දේවල් ඒකට ඇතුලත් කරල තිබ්බා. මේක කොච්චර ජනප්‍රිය වුනාද කියනවනං Android 2.0.1, Android 2.1 කියල ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් වර්ශන් දෙකකුත් Eclair වලට ආවා. API Level 5,6,7 කියන තුනෙන්ම Develop වෙච්ච Application වලින් යුක්ත මේ Eclair වල Android Market Share එක 4% ට වැඩියි. ඔන්න ඔතනින් තමයි ඇන්ඩ්‍රොයිඩ් තර්ජනය Microsoftලට දැනෙන්න පටන් ගත්තෙ. ඒත් ඒක නවතින තර්ජනයක් වුනේ නෑ. ඒක හැමදාම ඉස්සරහට ගියා.

                    ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි 2010 මැයි 20 වෙනිදා Android 2.2- Froyo එලියට ආවෙ. Froyo වලින් දුන්න පහසුකම් නිසා මිනිස්සුන්ට Windows Mobile එපාම වුනා කිව්වොත් හරි. API Level 8 Applications තියෙන වලට 18%ක Market Share එකක් තියෙනව. පරණ වර්ශන් වල වගේ තුන් හතර ගුණයක් speedවෙච්ච මේ Froyo එකේ තමයි මුල්ම වතාවට flash ආවෙ. කලින් වර්ශන් වලදි සමහර ෆෝන් වල විතරක් FlashLite 4.0 වැඩ කරා. ඒත් Crash reports & bugs ගොඩක් ආවා. ඒත් මේකෙ FlashLite 10.0 intergrade කරල එව්ව නිසා streaming කියන දේ nothing වුනා. Animated GIF සපෝට් කරා. Browser File Uploading කරගන්න මේකෙන් පුලුවන් වුනා. Market සහ වෙනත් application සඳහා JIT Implementation හඳුන්වාදුන්නෙත් මේකෙදි තමයි. USB Tethering දීපු නිසා ලෝකෙ ඉන්න වැඩකාරයෝ ඇන්ඩ්‍රොයිඩ් දිහා ඇහැ දාන්න ගත්තා. මේ ඔක්කොටමත් වඩා  App2SD තාක්ෂනය හඳුන්වාදුන්න නිසා ඔක්කොම වැඩ පහසු වුනා. ඕනතරම් application තියාගෙන වැඩ ගොඩක් කරගන්න පුලුවන් වුනා.

                    ඊලඟට ආපු වර්ශන් සහ ඒව වල ප්‍රයෝජන ගැන ඊලඟ ගල්බෝලෙන් බලමු. බායි ඈහ්.

android කියන්නෙ මුනාද - I - ඇන්ඩ්‍රොයිඩ් හැඳින්වීම

                   මේක තමයි අපේ අලුත්ම ලිපි මාලාව. ඇන්ඩ්‍රොයිඩ්. සමහරු ඇන්ඩ්‍රොයිඩ් තියෙන ෆෝන් ටැබ් ගත්තට ඒව වලින් කිසි පාවිච්චියක් ගන්නෙ නෑ. ඒ මොකද කියනවන් ගොඩක් අය ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන වටිනාකම දන්නෙ නෑ. ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් වල විස්තර කියල දෙන්න ඕන කියල අපි හිතුවා. අන්න ඒක නිසා පටන් ගන්න අපේ අලුත්ම ගල්බෝල ටික තමා ඇන්ඩ්‍රොයිඩ් කීන්නෙ මුනාද කියන්නෙ.

                   හරි .. මුලින්ම බලමු ඇන්ඩ්‍රොයිඩ් ගැන. මුල්ම ගල්බෝලෙන් ඇන්ඩ්‍රොයිඩ් ගැන විස්තරයෙන් ටිකක් දෙන්නංකෝ.

                   ලෝකේ හැමදාම බලන්නෙ තාක්ෂනයෙන් ඉස්සරහට යන්න. ඒ අස්සෙ ආපු තාක්ෂනය මිනිස් අතට ගෙනැඒමේ එක් පියවරක් තමයි ස්මාට්ෆෝන් වල ආගමනය. පරිගණක මෙහෙයුම් පද්ධති වල ලෝකය ආක්‍රමණය කරගෙන ඉන්න බිල්ගේට්ස්ගෙ මයික්‍රොසොෆ්ට් කම්පැණියෙ ඊලඟ පියවර වුනේ මේ ස්මාට්ෆෝන් ආක්‍රමණය. ඒක නිසා ඒගොල්ලො හැදුව  Window Mobile Operating System එක. ඊට පස්සෙ ස්මාට් ෆෝන් වල හැමෝම ඉල්ලන්න ගත්තෙ වින්ඩෝස් මොබයිල්.

                   ඔන්න ඔය කාලෙ තමයි වින්ඩෝස් මොබයිල් වලට තරඟයක් දෙන්න ලැරී පේජ් ගෙ ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් හැදුවෙ. ගූගල් ලා ඇන්ඩ්‍රොයිඩ් හදනව කියල කිව්වෙ 2005. ඒත් ඇන්ඩ්‍රොයිඩ් හරියටම එලියට ආවෙ 2007. ඒ ගූගල් සමාගමෙන් විතරක් නෙමෙයි. ගූගල් ගෙ ප්‍රමුකත්වයෙන් මොබයිල් ෆෝන් නිෂ්පාදනය සඳහා දායක වන සමාගම් 60කට අධික සංඛ්‍යාවක් එකතු වෙලා පිහු‍ටුවාගත්ත Open Handset Alliance කියන සංවිධානයෙන්. අදටත් ඇන්ඩ්‍රොයිඩ් අලුත් නිෂ්පාදන එලිදකින්නෙ මේ සංවිධානයේ පූර්ණ අනුදැනුම යටතේ.

                   ලෝකේ වැඩිපුරම ඇප්ලිකේෂන් ලියන ඔපරේටිං සිස්ටම් දෙකෙන් එකක් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ. (ජාවා දන්න අයට ලේසියෙන් ලියන්නෙ පුලුවන්). අනිත් එක තමයි ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේථ මෘදුකාංගයක් (Open Source OS). මේ වෙනකොට ලෝකෙ භාවිතාකරන ස්මාර්ට්ෆෝන් වලින් 55%කට වඩා තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්. ඉතිං ඇන්ඩ්‍රොයිඩ් වල හොඳ ගැන තව මොන කතාද?

                   අනිත් දේ තමයි ඇන්ඩ්‍රොයිඩ් වල රහ.. රහ? මුකක්ද ඒ කතාව ආහ්????
                
                   හරියටම කියනවනම් ඇන්ඩ්‍රොයිඩ් වල වර්ශන් වලට නම් වැටෙන්නෙ කෑම ජාතිවල නම් වලින්. අන්න ඒක තමයි ඇන්ඩ්‍රොයිඩ් රහයි කියන්නෙ. කට්ටිය කාලම බලන්නකෝ.

                   මේ තියෙන්නෙ දැනට ආපු ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් ටික.

Android 1.5 Cupcake
Android 1.6 Donut
Android 2.0/2.1 Eclair
Android 2.2.x Froyo

Android 2.3.x Gingerbread
Android 3.x Honeycomb
Android 4.0.x Ice Cream Sandwich
Android 4.1 Jelly Bean


                   හරි. ඔය තියෙන්නෙ එක එක ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් ටික. තියෙන කට්ටිය වැඩිකරගන්න හදන්නෙ ඔන්න ඔය කෑම ජාති ටික තමයි.

                   මේ ලිපිය දිග වැඩිවෙයි වගේ. ඒක නිසා ඊලඟ ගල්බෝලෙන් බලමු මුනාද මේ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් වල තියෙන වෙනස් කම් සහ වැඩකෑලි කියල.