Tuesday, May 29, 2012

සිංහලෙන් ගහන්නෙ කොහොමද (Type In Sinhala)

              අලේ . සමහරුන්ට හිතෙනවද දන්නෙ නෑ ඇයි මේ මනුස්සය Title එක සිංහලෙනුත් ගහල ඉංගිරීසියෙනුත් ගැහුවෙ කියල. පිස්සු කියල හිතෙනවද දන්නෙත් නෑ. ඒත් ඔයාලට සිංහල පෙනුනට සිංහල තාම තමුන්ගෙ පරිගණකයෙ පිහි‍ටුවාගත්තෙ නැති අයත් ඉන්නවනෙ. ඉතින් ඒගොල්ලො කොහොමද මේ පෝස්ට් එක දකින්නෙ.
            මේක ඉතින් පලවෙනි පෝස්ට් එකනේ. මම කව්ද, අපි කව්ද කියල අඳුන්වල දෙන්නත් හිතෙනව. ඒත් ඒකට Contact Us කියල කෑල්ලක් තියෙනවනේ. ඒකෙන්ම බලාගත්තදෙන්.
             සාමාන්‍යයෙන් Linux, Windows 7 තියෙන අයට තියෙන අයට unicode දාන්න ඕන නෑ. xp තියෙන අයට තමයි සිංහල දාගන්න ඕන වෙන්නෙ. මොකද ඔය os වල inbuilt සිංහල තියෙනවා. මොනව වුනත් කමක් නැ. සිංහල යුනිකෝඩ් දාගන්න ඕනනම් පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න

(Then Install Unicode by the downloaded setup & Restart your System)

            හරි. දැන් සිංහල දාගෙන ඉවරයිනෙ. ඔන්න දැන් සිංහල පේනව ඇති. සමහරුන්ගෙ ලස්සනට පේනව ඇති. සමහරුන්ගෙනම් පේන ෆොන්ට් එක චා ඇති. ගනන් ගන්න එපා. කොහොම හරි පේනවනේ. ඕව්ව වෙනස් කරගන්න හැටිත් ඉස්සරහ දවසකදි ගල්බෝලයක් දාන්නම්කෝ.
          හරි. දැන් සිංහල පෙනුනට විතරක් වැඩක් නැනේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ තමයි කොහොමද සිංහලෙන් ටයිප් කරන්නෙ කියල. ක්‍රම නම් ගොඩක් ඇති. ඒත් මම නම් 3ක් හොඳටම යූස් කරල තියෙනව. දැන් කියල දෙන්න යන්නෙ ඒ තුන. කවුරු හරි වෙන ලේසි ක්‍රමයක් දන්නවනම් කෙලින්ම කියන්න. මේ ගිරිපුර අපි නොදන්න කොච්චර දේවල්නම් තියෙනවද?

1 වැනි ක්‍රමය.
          මේක ටිකක් සංකීර්ණයි වගේ මටනම්. ඒත් ලංකාවෙ ඉන්න මහා ප්‍රාඥඥයො ගහන්නෙ මෙහෙමයි ලු . එයාල අනුමත කරන්නෙත් මේකයි කියල එක දවසක් ටැලිවිසොන් එකේ එක ලොක්කෙක් කිව්ව මතකයි. එයා යූසීඑස්සී එකේ ලොක්කෙක්. ජාතිකේ තිබ්බ අර සුදු ගවුමෙ මඩ ගෑවුන කෙලී කරන ප්‍රෝගෑම් එකේ තමා කිව්වෙ නම්. මේකට කියන්නෙ විජේසේකර කීබෝඩ් එක නැත්තන් විජේසේකර කී ලේඅවුට් එක කියල.
          මේකෙන් ටයිප් කරන්න කලින් අර යුනිකෝඩ් එක දාගත්තට පස්සෙ එකට එන පොඩි ගැජට් මෙව්ව එකෙන් ‍තෝරගන්න ඕන. ඒ කියන්නෙ සිංහල.

                          
              ඊට පස්සෙ ඉතින් ටයිප් කොරන්න තමා තියෙන්නේ. ඒත් ඉතින් අමාරුයි මුල් දවස් ටිකේ. සමහරු අර කීබෝඩ් එකේ ස්ටිකර්  අලවන් ඉන්නව. සමහරු කඩෙන් විජේසේකර කීබෝඩ් එකක්ම ගන්නව. මේ ඕන එකකින් මෙන්න මේ විදියට තමා ටයිප් කරන්න ඕන. මේක ටැපලෙනව හෝ ගාල මටනම්. මම මේක කරේ සති දෙකයි. වෙන සිස්ටම් එකකට ගියා. ඒත් මගේ යාලුවො ඉන්නව ඕනතරම් මේ ක්‍රමේට පුරුදු වෙලා පට පට ගාල සිංහලෙන් කොටන. මේක ඉතින් ලංකාවෙ පිළිගත්ත් ක්‍රොමේ නොවැ. පුළුවන්නම් ඉගෙන ගන්න. මෙන්න කීබෝඩ් ලේඅවුට් එක



2 වැනි ක්‍රමය
           මේක මම ගොඩක් කල් යූස් කරපු සිස්ටම් එකක්. ඒ තමයි ඔන්ලයින් යුනිකෝඩ් කන්වර්ටර් එකක් යූස් කරන එක. හරියටම කියනවනම් ඔන්ලයින් රියල්ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් එකක් යූස් කරන එක.
            මේව වල ලියන එක ලේසියි. ඒ කියන්නෙ අපි හිතමු ගල් රාජධානිය කියල. ඒක ලියන්න ලියන්න ඕන ගොඩක් වෙලාවට "gal raajaDhaaniya" කියල. එතකොට ඒක කන්වර්ට් වෙන තැන කන්වර්ට් වෙනවා. ගොඩක් අය යූස් කරන කන්වර්ටර් ලින්ක් ටිකක් දාන්නම්
        මේ ක්‍රමේ තියෙන එකම අවුල තමයි ඔන්ලයින් යන්න ඕන එක. ඉන්ටර්නෙට් නැති වුන වෙලාවට සොරි.කොම් තමයි. අපේ ගිරිපුරේ නම් පට පට ගාල කරන්ට් කපනව මාසෙකට දෙපාරක්. ඉතින් එදාට ඉන්ටනෙට් නෑ. මට ගල් කන්න තමයි එදාට හිතෙන්නෙ

 3 වැනි ක්‍රමය
       ඒක නිසා මම මේ සිස්ටම් එකම ඕෆ්ලයින් තියෙන සින්ග්ලිශ් සොෆ්ට්වෙයා එකක් යූස් කරන්න ගත්තා. මුලින් ගත්ත එක චා. ඒක නිසා පස්සෙ වෙන එකක් හම්බවුනා. දැන් නම් ඒක තමා යූස් කරන්නෙ. ඒක එල.
       මුලින් යූස් කරේ සින්ග්ලිශ් කියන සොෆ්ට්වෙයා එක. ඒක ටිකක් අස්පට් ගියා මට. පස්සෙ සින්ග්‍රීසි යුනිකෝඩ්  කියල එකක් හම්බවුනා. ඒක මරු. ඔන්න ඉතින් කස්ටියට බාගන්න කියල මම ඒක දෙනව.

මේ තියෙන්නෙ ඒකෙ මම ටයිප් කොරන ගල් පින්තූරයක්. මම මේක පැත්තෙන් තියාගෙන ඉන්නෙ. ඕන වෙලාවට ලස්සනට මේක යූස් කරගන්න පුලුවන් එතකොට


හැබැයි මේක දාගන්න .Net Framefork 3.1 හරි වැඩි version එකක් හරි ඕන. ඒක දාගන්නෙ කොහොමද කියල මෙතන දාන එක හරි නෑනෙ. ඒත් කමක් නෑ. මම පොඩි වීඩියෝ ටියුටෝරියල් එකක් දෙන්නම් ඒකට. මෙතන තියෙනව .Net Framework 4.0 දාගන්න හැටි.


එහෙනම් අදට තඩි බොරළු අයියා යනව. කස්ටියට බායි කිව්ව. අෆ්ෆා. නම කියන්නෙ නෑ කිව්වට කිව්ව නේද. අවුලක් නෑ. විමල බලන් ඉන්නව. මම ගියා

5 comments:

Soft Zone said...

ela ela

A-කිලර් said...

ඔන්‍න‍ එහෙනං සිංහලෙන්ම කිව්වා...සුප්පා ඈ!!!

laka2009 said...

බොරලු අයියෙ වැඩෙ නම් සුපිරි...වැඩි වැඩියෙන් ගල්බොල මේ බ්ලොගයට පාත් කොරන්ඩ...

Unknown said...

මම දැනට පාවිච්චි කරල තියෙන ක්‍රම වලින් පහසුම ක්‍රමේ තමයි Realtime Singlish මෘදුකාංගය. ගොඩක් ක්‍රම වලදි ටයිප් කරපු එක අවශ්‍ය තැනට copy & paste කරන්න ඕනි. ඒත්, මේ මෘදුකාංගය පාවිච්චි කරනවනම්, කරන්න තියෙන්නෙ එක දෙයයි. Keyobard shortcut එකක් පාවිච්චි කරලා ඉංග්‍රීසියෙන් සිංහලට මාරු වෙලා අවශ්‍ය තැනම Singlish වලින් ටයිප් කරන එකයි. ටයිප් කරන විදියට පුරුදු වුනාට පස්සේ හරිම ලේසියි.
www.madurax86.com/rsinglish

Live with nature said...

හා හා එහෙනම් එකත් කොලා නේ

Post a Comment