Wednesday, July 18, 2012

වඳ වෙනවට බයේ හුලං ගසන්නෙමි

තමුසෙ ඔහොම ඕක තියං ඉන්න එපා. වඳ වෙයි. සහෝදර ප්‍රේමය පෙරදැඩි කරගෙන වැඩිමහල් තඩි බොරලු ලඟදී මට කීවේය. අප්පට සිරි. ඇත්ත නේද. අල්ලා බැලුවෙමි. නහුතෙටම රත් වී ඇත. හැබැයි ලැප්ටොපය ඈහ්.

ඔහු ලැප්ටොපයක්ද මා මිනිලැප්ටොපයක් සහ කොම්පීටර්යක් භාවිතා කරමින් සිටියේ මීට මාස 8කට පමණ පෙරය. මිනිලැප්ටොපයේ මව්ලෑල්ල ගියේය. නොමිලේ හම්බුන එකක් නිසා මට එය හදන්න ඇම්මක් නැත. අතෑර දැමීමි. කොම්පීටරේ භාවිතා කලෙමි. අයියනායක දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ කියා එහිද මව්ලෑල්ල ගියේය. මොනා කරන්නද අහිංසක මං. බ්‍රදර් සහෝදරයාගේ ලැප්ටොපයට හිස දැමුවෙමි. ලොලේ ලොල්. එය ඉත්තෑවගේ ගෙට කබල්ලෑවා රිංගුවාක් මෙන් ඔහුට සිතෙන්නට ඇත. අන්තිමට එය මගේ ලැප්ටොපයක් සයිස් එකට විය. අන්තිමට උඹට ලැප්ටොප් එකක් ඕනද? මං අරන් දෙන්නම්. ආහ්. මගේ ඉහේ මලක් පිපුණි. අන්න සහෝදරයො. කික් ඈහ්.


ගියෙමි Unity Plaza. හෙව්වෙමි කඩයක් . අන්තිමට සැට් වූයේ අඩු ගානට වැඩි සිස්ටම් තැනකි. WinSoft Computers. ගත්තෙමි කෙලින්ම HP Pavillion g6 core i5 ලැපක්. මේ හි‍ටු කියල රත් වෙන්නේ එයයි. ගේම් එකක් ගහන්න ගන්නා විට මගේ කකුල උඩ තබාගෙන සිටීම මගේ අනාගත උපත් පාලනය ඉබේම සිදුවන ක්‍රමයක් සේ දැනුනි. මේසය මත තැබූ විට මේසය ගිනිගන්නවගේ ආවේය. කුමක් කරන්නද. ගියෙමි ebay. හෙව්වෙමි කූලිං පෑඩ් එකක්. shipping එක්කම 1600 ට නියම භාණ්ඩයක් තිබේ. නමුත් ඒකේ සයිස් එක හැටියට පෝස්ට් ඔපීසියට යන්නට වීම පරාල ඇණයක් විය හැක.

මායාවරුන්ගේ කැලැන්ඩරේ

USB hub එක


එනිසා ගියෙමි ආපසු Winsoft සොයා. ගත්තෙමි සුපිරි භාණ්ඩයක්. කූලිං පෑඩ් එකක්. ඒක නිකං මායාවරුන්ගේ කැලැන්ඩරේ වගේ . මරේ මරු. මෙන්න භාණ්ඩේ. පෝට් 4 USB hub එකකුත් තියෙනවා. සුපිරි ඈහ්. 1800යි. ඒ ගානට ඉතිං වටින්නෙ නැතැයි. දැන් මං අනාගතේ ගැන බය වෙන්නෙ නෑ. හුලං වැදි වැදි තියාගෙන ඉන්නව මගෙ ලැප් එක. මගෙ ලැප් එක කිව්වෙ ලැප්ටොප් එක ඈහ්.

4 comments:

laka2009 said...

අයියනායක දෙයියන්ගේම පිහිටයි...

A-කිලර් said...

කොම්පුටරයේ මවු ලෑල්ල ගියේ නැත සහෝදරයා.. එහි තිරය සහ දෘඩ තැටියේ පවර් කේබලය කෙලවී තිබේ. තවද සිමොස්‌ ජම්පරය අතුරුදහන් වී ඇත

නාඩියා නාඩිරත්න said...

අපි නම් තියාගන්නේ නෑ කෝච්චර ආදරේ උනත් ලැපී ව උකුලේ..... ;)

The තරුවා said...

g6 නම් ගන්න එපා කොල්ලෝ අම්මා මුත්තා කිව්වත්...hp අවුලක් නෑ.ඒත් g6 series එකම මහ අවුල් ගොඩක්..ලැප් හත අටක අත්දැකීමෙන් කියන්නේ...
අහ් මම මේ පැත්තට ආවමද කොහෙද...එන්නම් ඈ ආයේ..

Post a Comment