Saturday, March 23, 2013

සනාතන නුඹ...........


සනාතන නුඹ...........

මද පවන් වැල් පොදක
සනාතන සිහිල නුඹ.....
එළිය දෙන ඉර හඳක
සනාතන කිරණ නුඹ.....
මිහි සිඹින වජ්‍රයක
සනාතන පැහැය නුඹ.....
පහන් වන රාත්‍රියක
සනාතන සෙනෙහෙ නුඹ.....
වෙහෙස දැනෙනා පැයක
සනාතන සුවය නුඹ.....
නිමාවන දිවි කඩක
සනාතන පෙමයි නුඹ.....