Showing posts with label sinhala. Show all posts
Showing posts with label sinhala. Show all posts

Monday, July 9, 2012

මටම කියල මගේම කවරයක්

            හූ ඈහ්.. ලොල්.

            මෙච්චර කල් එන්න බැරිව හිටියට සොරි කියල ආයෙත් වැඩ ටික පටාංගන්නකො. එක එක හේතු කාරණා නිසා රාජාධානිය පැත්තෙ හොට දාන්න බැරි වුනාට ඔන්න අද ආයෙ අයෑම් බැක් ඈහ්.

            මගේ මූනුපොතේ ඉන්න කස්ටිය එහෙම දන්නව ඇතිනෙ මගේ කවර් පොට්ටෝ අමුතුයි කීල. ඒ කියන්නෙ කස්ටමයිස්ඩ් කවර් පොටෝස් නෙ තියෙන්නෙ. මටම හදපුව. මමම හදාගත්තුව. සමහරු අහනව කෝමද හරියටම එව්ව හරි ඩයිමෙන්සන් තියල ලස්සනට හදන්නෙ කීල. ඕන් අද මං ඒක කීල දෙන්නම්

                හරි. මුලින්ම මේකට ඕන කරනව තමුන්ගෙ පොපයිල් එකේ ටයිම්ලයින් ඇක්ටිවේට් කරල තියෙන එක. ටයිම්ලයින් දාල නැත්තං ඉතිං කවර් පොටෝ දාල වැඩක් නෑනෙ. ටයිම්ලයින් හැමෝටම ඇක්ටිව් කරන්න බෑ. ප්‍රොෆයිල් එක හදල ටික කාලයක් තියන්න ඕන. නැතුව බෑ.

                ඇක්ටිව් කරල නැත්තං මෙතනට ගිහිං කියන එක නම් ඒක ක්ලික් කරල ඇක්ටිව් කරගන්න. එහෙම එකක් නෑ කියන්නෙ ඔයාට දැන්ම කරගන්න බෑ



                  හරි. දැන් ඕන දේ තමා පොටෝසොප්. පොටෝසොප් නැත්තං ඉතිං හොයාගන්න වෙනව. ඒකෙ ලින්ක් එකක් මෙතන දාන්න නම් මං ආස නෑ. හොර විදියට බඩු දෙන්න මෙතන යොදාගන්න මං ආස නෑ. ඒත් ඉතිං උදව්වක් කරන්නං. www.torrentz.eu එකට ගිහිං torrent එකක් සර්ච් කරල බලන්න.
             
                  හරි. සමහරු හිතනව ඇති මේකට පොටෝසොප් දැනගන්න ඕන කීල. ඒම ඕන නෑ. මේකට ඕන පොටෝසොප් ටූල්බාර් එක යූස් කරන්න දැනගන්න එක විතරයි.

                එකක ඩයිමෙන්සන් තමයි මේ දාල තියෙන්නෙ. මේක බලන්නකෝ.



                 මේ පොටෝ එකේ මැද්දෙ තියෙන පික්සල් ගනන් වල නිරවද්‍යතාව පිකස්ල් 0-2 අතර නිරවද්‍ය නොවෙන්න පුලුවන්. ඒත් පික්සල් දෙකක වෙනසක් කාටවත් පේන්නෙ නෑ. මං එහෙම වෙනසක් තියෙන්න පුලුවන් කියල කිව්වෙ මේ ඩයිමෙන්ශන් එක එක්කෙනා කියන ගනන් එකිනෙකට වෙනස් නිසා. මං මේ දැම්මෙ මට ගොඩක් හරි කියල හිතෙන එක.

                 ඒත් පොඩි අවුලක් තියෙනව. ඒ කියන්නෙ අපේ ප්‍රොෆයිල් එකට ආපු ගමන් මුලු කවර් ෆොටෝ එකම පේන්නෙ නෑ. පේන්නෙ තුන්කාලක් වගේ. හරියටම කියනවනම් මුලු කවර් ෆොටෝ එකේ පල්ලෙහා ඉඳන් 229px තමයි පේන්නෙ. Profile picture එකේ උඩ ඉඳන් 114px තමයි පේන්නෙ. ඒක නිසා ඊට වඩා උඩින් දේවල් දැම්මට ඒවා එකපාරම පේන්නෙ නෑ. ඒකත් මතක තියාගන්න.

               තනියෙම ඩිසයින් කරගන්න කැමති අය තනියම ඩිසයින් කරගන්න. ඒත් ඔය ඩයිමෙන්සන් මැනගන්න අමාරු අයට තමා මේ හෙල්ප් එක. මෙන්න මගෙන් ටෙම්ප්ලේට් එකක්. මේකෙන් ලේසියෙන් ඔය මිනුම් කරගන්න පුලුවන් වෙයි.


                අනිත් එක සිංහලෙන් පොටෝසොප් වල ටයිප් කරන හැටි දැනගන්න ඕනනං මගේ පරන ගල්බෝල බලන්න.
               දැන් ඉතිං තියෙන්නෙ හදන්න තමයි. තමුන්ට කැමති වචන පින්තූර දාල මං කියපු දේවලුත් මතක තියාගෙන තමුන්ට ඕන විදියට කවර් පොටෝ එක හදල අප්ලෝඩ් කරගන්න. ලස්සනට හදන්න. හැමවෙලේම අලුත් දෙයක් දාන්න බලන්න.

               මේ තියෙන්නෙ මං හදපු ඒව දෙක තුනක්...


ඒනං මං අදට යනව ඈහ්. බායි...

Thursday, May 31, 2012

පොටෝසොප් හෙළුවෙන් කොටමු

             මේං අද ගල්බෝලෙ. මේක කලින් එකකටත් සම්බන්ධයි. මුල ඉඳන්ම කීල දෙන්නම්. අද කීල දෙන්නෙ පොටෝසොප් හෙලුවෙන් කොටන හැටි. ඈහ්. නරක එකක් නෙමේ හොඳේ. කීවෙ පොටෝසොප් වල සිංහලෙන් ටයිප් කොරන හැටි.
             එදා මං බෝලයක් දැම්මනෙ සිංහලෙන් ටයිප් කොරන හැටි. ලේසි විදිය. අර 3වැනි ක්‍රෝමේ. දැක්කෙ නැද්ද ඒක තාම. සිංහලෙන් ටයිප් කොරන්න දන්නෙ නැත්තන් මේක බලන්නකෝ. මෙන්න මෙතන ක්ලික් කොරන්න.

              හරි. දැන් සිංහලෙන් කොටන එක ගැන පොඩි අවබෝධයක් තීනවනේ. හරි. දැන් කස්ටිය අර කලින් ගල්බෝලෙන් ආසම ක්‍රොමේ මක්කෙයි? මං හිතන්නේ 3 වෙනි එක. නේ.ඒත් පොටෝසොප් වලට ආවම ඔය ක්‍රොමේ අවුලක් තීනවනේ. පොටෝසොප්  හදපු එවුන් නම් අන්තිමයි ඈහ්. මොකද මේකට මොනා මොනා දාල තිබ්බත් යුනිකෝඩ් සපෝට් දාල නෑනෙ. ඒ කීන්නෙ යුනිකෝඩ් වලින් කොටල පොටෝසොප් වලට දැම්මම සමහර වචන නිකන් දෙමළ පරාදයි. සෝ. වට් වී ඩූ ඈහ්???
              විසඳුම් දෙකයි. එක තමා අර කලින් ගල්බෝලෙ මම ලීල තිබ්බ පලවෙනි ක්‍රොමේ යූස් කොරන එක. ඒ කීන්නේ විජේසේකර කීබෝඩ් ක්‍රොමේට සිංහල අයි.එම්.ඊ එක දාල කොටන එක. කෙලින්ම පොටෝසොප් වල. ඒක තමා ගොඩක් ඈයො කොරන්නේ. ඉතිං ඒකට අර පලවෙනි ක්‍රොමේ පුරුදු වෙන්ට වෙනවා.
             ඔන්න එදා 2වැනි 3 වැනි ක්‍රොම වලට පුරුදුවෙච්ච ඈයොන්ට තමා මම මේ දෙවනි ක්‍රොමේ කීල දෙන්නෙ. නැත්තන් මාව මරන් කයි එදා 3වෙනි එක හොඳයි කීල අද පලවෙනි එකෙන් කොටන්න කීවම.
            මේකට මුලින්ම අපි යුනිකෝඩ් කොන්වර්ටරයකින් අපේ සිංහල වචන යුනිකෝඩ් විදියට ගහගන්න ඕන. ඊට පස්සෙ කෝමද මේ යුනිකෝඩ් ටික අර ඉංග්‍රීසි අකුරු ටයිප් එකට හරවගන්නෙ. ඒ කීන්නෙ අර පලවෙනි ක්‍රොමේ භාවිතා කොරන කෙනෙක් ලීන විදියට හරවන්නේ. ඒකට තීනව පොඩි සොප්ට්වෙයා එකක්. යූ.සී.ඇස්.සී එකේ කස්ටිය තමා මේක හදල තීන්නේ. මේ තින්නෙ ලින්කුව.
             හරිද. ඊට පස්සෙ අර යුනිකෝඩ් ටික ඕකෙ උඩ කෑල්ලට දාල නෝමල් ෆොන්ට් එකක් විදියට කොන්වර්ට් කරගන්න. ඊට පස්සෙ ඕනම සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරල මේ ටික දාන්න. එච්චරයි. සිංහල ෆොන්ට් නැද්ද. එහෙනම් මෙන්න.

            අදට බායි. අද මගේ විමලට සනීප නෑ. එයාට ඉක්මනට සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට බුදුසරණයි විමලා













Tuesday, May 29, 2012

සිංහලෙන් ගහන්නෙ කොහොමද (Type In Sinhala)

              අලේ . සමහරුන්ට හිතෙනවද දන්නෙ නෑ ඇයි මේ මනුස්සය Title එක සිංහලෙනුත් ගහල ඉංගිරීසියෙනුත් ගැහුවෙ කියල. පිස්සු කියල හිතෙනවද දන්නෙත් නෑ. ඒත් ඔයාලට සිංහල පෙනුනට සිංහල තාම තමුන්ගෙ පරිගණකයෙ පිහි‍ටුවාගත්තෙ නැති අයත් ඉන්නවනෙ. ඉතින් ඒගොල්ලො කොහොමද මේ පෝස්ට් එක දකින්නෙ.
            මේක ඉතින් පලවෙනි පෝස්ට් එකනේ. මම කව්ද, අපි කව්ද කියල අඳුන්වල දෙන්නත් හිතෙනව. ඒත් ඒකට Contact Us කියල කෑල්ලක් තියෙනවනේ. ඒකෙන්ම බලාගත්තදෙන්.
             සාමාන්‍යයෙන් Linux, Windows 7 තියෙන අයට තියෙන අයට unicode දාන්න ඕන නෑ. xp තියෙන අයට තමයි සිංහල දාගන්න ඕන වෙන්නෙ. මොකද ඔය os වල inbuilt සිංහල තියෙනවා. මොනව වුනත් කමක් නැ. සිංහල යුනිකෝඩ් දාගන්න ඕනනම් පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න

(Then Install Unicode by the downloaded setup & Restart your System)

            හරි. දැන් සිංහල දාගෙන ඉවරයිනෙ. ඔන්න දැන් සිංහල පේනව ඇති. සමහරුන්ගෙ ලස්සනට පේනව ඇති. සමහරුන්ගෙනම් පේන ෆොන්ට් එක චා ඇති. ගනන් ගන්න එපා. කොහොම හරි පේනවනේ. ඕව්ව වෙනස් කරගන්න හැටිත් ඉස්සරහ දවසකදි ගල්බෝලයක් දාන්නම්කෝ.
          හරි. දැන් සිංහල පෙනුනට විතරක් වැඩක් නැනේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ තමයි කොහොමද සිංහලෙන් ටයිප් කරන්නෙ කියල. ක්‍රම නම් ගොඩක් ඇති. ඒත් මම නම් 3ක් හොඳටම යූස් කරල තියෙනව. දැන් කියල දෙන්න යන්නෙ ඒ තුන. කවුරු හරි වෙන ලේසි ක්‍රමයක් දන්නවනම් කෙලින්ම කියන්න. මේ ගිරිපුර අපි නොදන්න කොච්චර දේවල්නම් තියෙනවද?

1 වැනි ක්‍රමය.
          මේක ටිකක් සංකීර්ණයි වගේ මටනම්. ඒත් ලංකාවෙ ඉන්න මහා ප්‍රාඥඥයො ගහන්නෙ මෙහෙමයි ලු . එයාල අනුමත කරන්නෙත් මේකයි කියල එක දවසක් ටැලිවිසොන් එකේ එක ලොක්කෙක් කිව්ව මතකයි. එයා යූසීඑස්සී එකේ ලොක්කෙක්. ජාතිකේ තිබ්බ අර සුදු ගවුමෙ මඩ ගෑවුන කෙලී කරන ප්‍රෝගෑම් එකේ තමා කිව්වෙ නම්. මේකට කියන්නෙ විජේසේකර කීබෝඩ් එක නැත්තන් විජේසේකර කී ලේඅවුට් එක කියල.
          මේකෙන් ටයිප් කරන්න කලින් අර යුනිකෝඩ් එක දාගත්තට පස්සෙ එකට එන පොඩි ගැජට් මෙව්ව එකෙන් ‍තෝරගන්න ඕන. ඒ කියන්නෙ සිංහල.

                          
              ඊට පස්සෙ ඉතින් ටයිප් කොරන්න තමා තියෙන්නේ. ඒත් ඉතින් අමාරුයි මුල් දවස් ටිකේ. සමහරු අර කීබෝඩ් එකේ ස්ටිකර්  අලවන් ඉන්නව. සමහරු කඩෙන් විජේසේකර කීබෝඩ් එකක්ම ගන්නව. මේ ඕන එකකින් මෙන්න මේ විදියට තමා ටයිප් කරන්න ඕන. මේක ටැපලෙනව හෝ ගාල මටනම්. මම මේක කරේ සති දෙකයි. වෙන සිස්ටම් එකකට ගියා. ඒත් මගේ යාලුවො ඉන්නව ඕනතරම් මේ ක්‍රමේට පුරුදු වෙලා පට පට ගාල සිංහලෙන් කොටන. මේක ඉතින් ලංකාවෙ පිළිගත්ත් ක්‍රොමේ නොවැ. පුළුවන්නම් ඉගෙන ගන්න. මෙන්න කීබෝඩ් ලේඅවුට් එක



2 වැනි ක්‍රමය
           මේක මම ගොඩක් කල් යූස් කරපු සිස්ටම් එකක්. ඒ තමයි ඔන්ලයින් යුනිකෝඩ් කන්වර්ටර් එකක් යූස් කරන එක. හරියටම කියනවනම් ඔන්ලයින් රියල්ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් එකක් යූස් කරන එක.
            මේව වල ලියන එක ලේසියි. ඒ කියන්නෙ අපි හිතමු ගල් රාජධානිය කියල. ඒක ලියන්න ලියන්න ඕන ගොඩක් වෙලාවට "gal raajaDhaaniya" කියල. එතකොට ඒක කන්වර්ට් වෙන තැන කන්වර්ට් වෙනවා. ගොඩක් අය යූස් කරන කන්වර්ටර් ලින්ක් ටිකක් දාන්නම්
        මේ ක්‍රමේ තියෙන එකම අවුල තමයි ඔන්ලයින් යන්න ඕන එක. ඉන්ටර්නෙට් නැති වුන වෙලාවට සොරි.කොම් තමයි. අපේ ගිරිපුරේ නම් පට පට ගාල කරන්ට් කපනව මාසෙකට දෙපාරක්. ඉතින් එදාට ඉන්ටනෙට් නෑ. මට ගල් කන්න තමයි එදාට හිතෙන්නෙ

 3 වැනි ක්‍රමය
       ඒක නිසා මම මේ සිස්ටම් එකම ඕෆ්ලයින් තියෙන සින්ග්ලිශ් සොෆ්ට්වෙයා එකක් යූස් කරන්න ගත්තා. මුලින් ගත්ත එක චා. ඒක නිසා පස්සෙ වෙන එකක් හම්බවුනා. දැන් නම් ඒක තමා යූස් කරන්නෙ. ඒක එල.
       මුලින් යූස් කරේ සින්ග්ලිශ් කියන සොෆ්ට්වෙයා එක. ඒක ටිකක් අස්පට් ගියා මට. පස්සෙ සින්ග්‍රීසි යුනිකෝඩ්  කියල එකක් හම්බවුනා. ඒක මරු. ඔන්න ඉතින් කස්ටියට බාගන්න කියල මම ඒක දෙනව.

මේ තියෙන්නෙ ඒකෙ මම ටයිප් කොරන ගල් පින්තූරයක්. මම මේක පැත්තෙන් තියාගෙන ඉන්නෙ. ඕන වෙලාවට ලස්සනට මේක යූස් කරගන්න පුලුවන් එතකොට


හැබැයි මේක දාගන්න .Net Framefork 3.1 හරි වැඩි version එකක් හරි ඕන. ඒක දාගන්නෙ කොහොමද කියල මෙතන දාන එක හරි නෑනෙ. ඒත් කමක් නෑ. මම පොඩි වීඩියෝ ටියුටෝරියල් එකක් දෙන්නම් ඒකට. මෙතන තියෙනව .Net Framework 4.0 දාගන්න හැටි.


එහෙනම් අදට තඩි බොරළු අයියා යනව. කස්ටියට බායි කිව්ව. අෆ්ෆා. නම කියන්නෙ නෑ කිව්වට කිව්ව නේද. අවුලක් නෑ. විමල බලන් ඉන්නව. මම ගියා