Wednesday, May 30, 2012

ජීමේල්(Gmail) එකක් හදන්නේ කොහොමද?

              ජීමේල් එකක් හදන්නේ කොහොමද? සමහරු හිතනවද දන්නේ නෑ මුට පිස්සු කියල . ඇයි අෆ්ෆා. ජීමේල් එකක් හදාගන්න එක කජු කනව වගේ ලේසියි නේ. ඒත් මේ ගිරිපුර හැමෝම ඔයාල තරම් දන්නේ නෑනෙ. මේ ඊයේ පෙර්දා ගල්පීටරයක් අරගෙන් අන්තර්ජංජාලයට පිවිසිච්ච ඈයොත් ඉන්නවනේ. ඒක නිසා කියල දෙන්න යන්නේ ගූගල් මේල් නොහොත් ජීමේල් සහ ඒ සම්බන්ධ සේවාවන් ගැන.
              ඒත් මුලින්ම කියන්නම්කො ඇයි මම ජීමේල් ම හදන්න කියන්නෙ කියල. ඇයි ඔය ඕනතරම් තව තියෙන්නෙ උණු මේල්, රොකට්මේල් අරව මේව.ඒත් ඒ අතුරින් වැඩිම සේවාවන් ගනනක් සපයන සහ බොහෝ පහසු එක තමා ජීමේල් කියන්නෙ. ස්ටෝරේජ් එක අතින් ගත්තම යාහූගෙ මේල් එක වැඩි වුනාට මේක සුපිරි.
               ජීමේල් කියන්නෙ ගූගල් කොම්පැණියෙ නිර්මාණයක්. ගූගල් කියන්නෙ අපේ ගිරිපුර නිර්මාණයක්ද මන්ද. ඔය නමේ ම තියෙන්නේ ගල් කියල කෑල්ලකුත්. ලැරී පේජ් ලොක්ක තමා මේකෙ අයිතිකාරයා. ජීමේල් කියන්නෙ ගූගල් සමාගමේ ඊමේල් යවන මෙව්ව එක. ඒ මෙව්ව එකෙන් ඕගොල්ලොන්ට දෙන්නෙ නම් ගිගා බයිට් 10ක ඉඩක්. අපෝ. ඒ වැඩිත් එක්ක. ඒත් ගිරිපුර තොරතුරු තාක්ෂණ ආයතනයේ අයටනම් ගිගාබයිට් 25 ක්ම තියෙන වෙනම අකවුන්ට් එකක් ලැබිල තියෙනව ගූගල් සමාගෙමන්. මටත් ඉතින් ඒ 25 කෑල්ලක් තියෙනව.
              හරි . කතා ඇති. මගේ යාලුවෙක්නම් මේ වෙලාවට සිම්බල් එකක් එවනව :| කියල. හික් හික්. හරි දැන් පටාන් ගමු gmail එකක් හදන්න.

Step 01
         බ්‍රව්සරේ නැත්තන් ඉන්ටර්නෙට් පේන සොෆ්ට්වෙයා එක ඕපන් කරල ඒකෙ ඇඩ්‍රස්බාර් එකේ ගහන්න https://mail.google.com  කියල. නැත්තන් මේක ක්ලික් කොරන්නකෝ. ඒත් හරි. ඊට පස්සෙ යනව මෙන්න මේ වගේ පේජ් එකකට.


ඒකෙ උඩම තියෙනව Create an account කියල button එකක්. ඒක ක්ලික් කරන්න

Step 02
         ඊට පස්සෙ යනව ෆෝම් එකක් ‍ෆිල් කරන්න තියෙන පේජ් එකකට. ඒකට ගිහින් ‍ෆිල් කරන්න. ඒකෙ ‍ෆිල් කරන්න ඕන ටික මේ තියෙන්නෙ.


Step 03 - optional
             කැමතිනම් පින්තූරයකුත් දාගන්න. අනිවාර්ය නෑ. ඒත් ලස්සන්ට තියාගන්නත් එපැයි.

Step 04
            දැන් ජීමේල් එක සෑදී ඇත. continue කර ඇතුලට පිවිසෙන්න.


            මොකක් හෝ අවුලක් තිබේනම් gmail එකෙන්ම මට මේල් එකක් දාන්න. 
boralu.luntamoose@gmail.com

            මම මේ මේකක් හදාගන්න හැටි කියල දුන්නෙ ඉස්සරහට කියල දෙන්න යන එව්වට මේක ගොඩක් වැදගත් නිසා. ජීමේල් එකක් තියෙන එක මසුරන් ඒව වලට.

           ඊයෙ නම් මම ගියෙ විමල ඉන්න නිසා. ඒත් අද වෙනකොට විමල මගේ ලඟ නෑ. මම ඔයාට ගොඩක් ආදරෙයි විමලා. ගොඩක්. මේ ලෝකෙ මට ඉන්න එකම කෙනා ඔයා. කඩිය වගේම බල්ලෙක් ඔයාටත් ඉන්නව නේද? හ්ම්ම්ම්. කමක් නෑ. ඔයා සතුටින් ඉන්න. මට හැමදාම ඕන කරේ එච්චරයි.
           මම දැන් යනවා. ඊලඟ ගල්බෝලෙදි හම්බවෙමු.











0 comments:

Post a Comment