Saturday, March 23, 2013

සනාතන නුඹ...........

සනාතන නුඹ........... මද පවන් වැල් පොදක සනාතන සිහිල නුඹ..... එළිය දෙන ඉර හඳක සනාතන කිරණ නුඹ..... මිහි සිඹින වජ්‍රයක සනාතන පැහැය නුඹ..... පහන් වන රාත්‍රියක සනාතන සෙනෙහෙ නුඹ..... වෙහෙස දැනෙනා පැයක සනාතන සුවය නුඹ..... නිමාවන දිවි කඩක සනාතන පෙමයි නුඹ......

Sunday, December 9, 2012

සොරී ෆෝ ද inconvinience happend බයි ද ඇබ්සන්ස්

             එක පිට එක තොර‍තෝංචියක් නැතුව ලියාගෙන ලියාගෙන යන්න බ්ලොග් පටන් ගත්තට මෙන්න එකපාරම ගල් රාජධානියට හෙන ගැහුවනෙ. :( ඒ මාස ටිකේ නන් මේක දැක්කම දුකේ බෑ. එක දවසක් මස් පෙත්ත කෑවෙත් නෑ. ශිට්.                 කලින් වැඩකරකර සිටි ආයතනිකමය ගල්වලෙන් අස් වීමෙන් පසු කිසිදු චර්යාවක් නොමැති වීම හේතු කොටගෙන ආරම්භ වූ ගල් රාජධානිය කිසිදු හේතුවකින් තොරව අභාවයට යාමට ලක්කිරීම කිසිසේත් මාගේ පරම අරමුණ නොවිණි. සැප්තැම්බර් අග භාගයේ සිරි ලංකාවේ උසස් මෙව්වා එකක සොප්පෙයා ඉන්ජීර් කෙනෙක් ලෙස පත්වීම ලද නිසා කිසිදු කුණු ගොඩක් මෙහි ගොඩගැසීමට කිසිදු වේලාවක් නොමැති විය. නමුදු කෙප්පයක් නොහලා සිටීම මා හට මාලුවාට වතුර නැත්තාක් මෙන් නිසා...

Thursday, September 13, 2012

දොස්තර දියමන්තිගෙන් ආඩම්බරකාර තාත්තා ගැන...

මේක ලියල එව්වෙ අපේ පරණ කතෲ දොස්තර දියමන්ති නංගි.කස්ටිය කියවලම බලන්නකො. මුලින්ම ලේන්සුවක් ලෑස්තිකරගත්තනං හරි. කඳුලු පනියිද දන්නෑ. ආඩම්බරකාර තාත්තා ගැන...                                                                  අද දවස..... හරිම මහන්සියි....කෙනෙක්ට සතු‍ටු, ඒ වගේම කෙනෙක්ට දුක හිතුන දවසක්.... ඒත් අද කියල දවසක් උදා වුණේ හුඟාක් දෙනෙකුගෙ හොඳට කියල මම හිතනවා......                                                                  2011/12/25 රෑ 11.30 විතර අපේ exam එකේ...

Thursday, August 23, 2012

2012 විද්‍යා අංශයෙං A/L කරේ කව්දෝ?

           මේක ඉතිං පොඩි තෑග්ගක්. සමහර පොඩි එවුං විභාගෙ ඉවර වුන ගමංම කරන්නෙ උත්තර හොයන එකනෙ. සමහරුන්ට දුක හිතෙයි. සමහරුංට සතු‍ටු හිතෙයි. ඒත් මේව අන්තිම උත්තර නෙමෙයි. ඒ කියන්නෙ marking scheme එකේ උත්තර නෙමෙයි. ඒක නිසා මේව දාන්නෙ දළ අදහසක් ගන්න විතරයි. මේකෙදි එන ලකුණු වලින් -9 සිට +9 දක්වා ආන්තදෝෂ පවතින්න පුලුවං හොඳේ. මේව වල වගකීම තඩි බොරලු වන මම විසින් හෝ මේවා යොදන ලද ගුරුවරුං විසින් බාරගනු නොලැබෙන බව තරයේ මතක තබාගන්න. මෙන්න උත්තර. Biology 2012 - by Dr.Hiran Amarasekara New Syllabus - MCQ Unofficial Answers (before release of Marking scheme) 3       3       3       3       1       2      ...

Wednesday, July 18, 2012

වඳ වෙනවට බයේ හුලං ගසන්නෙමි

තමුසෙ ඔහොම ඕක තියං ඉන්න එපා. වඳ වෙයි. සහෝදර ප්‍රේමය පෙරදැඩි කරගෙන වැඩිමහල් තඩි බොරලු ලඟදී මට කීවේය. අප්පට සිරි. ඇත්ත නේද. අල්ලා බැලුවෙමි. නහුතෙටම රත් වී ඇත. හැබැයි ලැප්ටොපය ඈහ්. ඔහු ලැප්ටොපයක්ද මා මිනිලැප්ටොපයක් සහ කොම්පීටර්යක් භාවිතා කරමින් සිටියේ මීට මාස 8කට පමණ පෙරය. මිනිලැප්ටොපයේ මව්ලෑල්ල ගියේය. නොමිලේ හම්බුන එකක් නිසා මට එය හදන්න ඇම්මක් නැත. අතෑර දැමීමි. කොම්පීටරේ භාවිතා කලෙමි. අයියනායක දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ කියා එහිද මව්ලෑල්ල ගියේය. මොනා කරන්නද අහිංසක මං. බ්‍රදර් සහෝදරයාගේ ලැප්ටොපයට හිස දැමුවෙමි. ලොලේ ලොල්. එය ඉත්තෑවගේ ගෙට කබල්ලෑවා රිංගුවාක් මෙන් ඔහුට සිතෙන්නට ඇත. අන්තිමට එය මගේ ලැප්ටොපයක් සයිස් එකට විය. අන්තිමට උඹට ලැප්ටොප් එකක් ඕනද? මං අරන් දෙන්නම්. ආහ්. මගේ ඉහේ මලක් පිපුණි. අන්න සහෝදරයො. කික් ඈහ්. ගියෙමි Unity Plaza. හෙව්වෙමි...

Tuesday, July 17, 2012

ඩයරිය 17-7-12

  ලියන්නට හදමි. ඩයරියක් ලෙස අමුනා. එලියට නොබැසුවාක් මෙන් වූ අද දවසේ ලබු කන්නද ? ඩයරිය හිස් වගේ.  | | | V නැත නැත සුවාමීනි. ලියමි ඩයරිය පුරවා . බොරු පුරසාරං. ඒ උදෑසන කාලයේ දු‍ටු හීනයකි. ලොලේ ලොල් වූ අද දවස මනරං එකක් දෝ මන්දා. උදෑසන භාගයේ ට්‍රෙඩ්මිලය උඩ හතර ගාතය දමන තෙක් දිව්වේ කාලේකිනි.  | | V පාං කියාගන්නට නොහැකි උදේ පාංදර අල සමග තිබූ පොල් මැල්ලුම වැලඳූ පසු බඩ හිස් වගේ දැනුනි. කුමක් කරන්නද මං. බඩට ආදරේ නං. කන්නට බිස්කට් පෙට්ටියේ හුලං විස්කෝතුවක් ද නොමැත. කිඹුල් කට ඇර ගොජ ගොජ ගා වතුර කලයක් ඇද බෑමි. උදෑසන තේක අමෘතය වගේ යැයි සිතා ගත්තෙමී. නමුත් එය මේසය උඩ අමතක වීමෙන් කූල් බීම එකක් මෙන් විය. උදේ ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් සමග ඔට්‍ටු වුනෙමි. හුලං පාරක් ද ලියන්න හැදුවට ලියවුනේ බාගෙටයි. (හුලඟ ගැන දන්නා අය දනිති. එය හැමෝම...

Monday, July 16, 2012

android කියන්නෙ මුනාද - II - Version Comparison(i)

                    මේ ගල්බෝලෙන් මං කියල දෙන්න යන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල වර්ශන් අනුව තියෙන වෙනස් කම් සහ ඇඩ් වෙච්ච වැඩකෑලි ගැන. හැමෝටම ඕන තමුන්ගෙ ස්මාර්ට්ෆෝන් එක තව ස්මාට් කරගන්නනේ. ඉතිං මේ ඔප්ශන්ස් යූස් කරල නැත්තං යූස් කරන්න්ත්, ඊට වඩා වැඩි වර්ශන් එකක් ඕනනං ඇන්ඩ්‍රොයිඩ් එක අප්ඩේට් කරගන්නත් කට්ටියට පුලුවන්. හැබැයි අප්ඩේට් කරන එකේ ලිමිට් එකක් තියෙනව හොඳේ.                     හරි. ගූගල් ලා මුලිනම එව්වෙ ඇන්ඩ්‍රොයිඩ් බීටා වර්ශන් එකක්. ඒ කියන්නෙ Android 0.9 - Android Beta කියන එක. මේක එව්වෙ 2008 අගෝස්තු 18. බීටා වර්ශන් එකක් එවන්නෙ ටෙස්ට් කරන්නනෙ. ඉතිං මේකෙං එච්චරම...

android කියන්නෙ මුනාද - I - ඇන්ඩ්‍රොයිඩ් හැඳින්වීම

                   මේක තමයි අපේ අලුත්ම ලිපි මාලාව. ඇන්ඩ්‍රොයිඩ්. සමහරු ඇන්ඩ්‍රොයිඩ් තියෙන ෆෝන් ටැබ් ගත්තට ඒව වලින් කිසි පාවිච්චියක් ගන්නෙ නෑ. ඒ මොකද කියනවන් ගොඩක් අය ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන වටිනාකම දන්නෙ නෑ. ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් වල විස්තර කියල දෙන්න ඕන කියල අපි හිතුවා. අන්න ඒක නිසා පටන් ගන්න අපේ අලුත්ම ගල්බෝල ටික තමා ඇන්ඩ්‍රොයිඩ් කීන්නෙ මුනාද කියන්නෙ.                    හරි .. මුලින්ම බලමු ඇන්ඩ්‍රොයිඩ් ගැන. මුල්ම ගල්බෝලෙන් ඇන්ඩ්‍රොයිඩ් ගැන විස්තරයෙන් ටිකක් දෙන්නංකෝ.                   ...

මූණු 3 විරාගය - තෙවන ලිපිය

 පලමු ලිපිය කියවන්න / චිත්‍රපටය නරඹන්න  දෙවන ලිපිය කියවන්න                අවසානයේ මා උකහා දැක්වීමට යන්නේ සිනමාපටයේ තිබූ අතිවිශිෂ්ට නාදමාලවන් පිලිබඳවය.                මෙහි සංගීතය කුළුදුල් සංගීත සම්පාදකයෙකුගිනි. ඔහු අනිරුද් රවිචන්ද්‍රන් ය. නමුත් ඔහුගේ නාදරටාවන් වල නම් කිසිදු කුළුඳුල් බවක් දක්නට නොලැබේ. ඒවා එතරම් හද බැඳගන්නා ඒවාය.                සිනමාපටය පුරාම දිගහැරෙන ඔහුගේ නාදරටාවන් තුලින් හිතට ලබාදෙන සංකීර්ණ සිනමා එල්ඹීම කියා නිම කල නොහැක. සිනමාපටයට දෙන ලකුණු 10කින් 4කටම ඔහු වගකියනා බව මගේ මතයයි.               ...

Friday, July 13, 2012

මූණු 3 විරාගය - දෙවන ලිපිය

පලමු ලිපිය කියවන්න / චිත්‍රපටය නරඹන්න                 පලමු ලිපිය කියවා සිනමාපටයද නැරඹූ පිරිසක් මෙය කියවනවා ඇතැයි මා සිතමි. එයට හේතුව මෙය සිනමාපටයේ පූර්විකාවක් නොව පශ්චාත් විභාගක අවදියට අදාල ලිපියක් ලෙස ලිවීමට මා ඉටාගත් බැවිනි. අවංකව සම්පූර්ණ සිනමාපටයම නැරඹූ ඔබගේ සිත බොහෝ චංචල වූ බැව් මට රහසක් නොවේ. එය මා අත්දකින ලද්දකි. රාම් යනු කවුරුන්ද? ජනනි යනු කවුරුන්ද? යන්න දැන් ඔබට අමුතුවෙන් පැහැදිලි කරයුතු නැතැයි මා සිතමි. එපමණක් නොව. ජීවිතයට වඩා මිතුදම අගය කරන සැබෑ මිතුදමක සටහනක් වන සෙන්දිල් ද ඔබට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. මේ සියල්ලටම වඩා ඔබේ සිත චංචල කල බයිපෝලර් ඩිසෝඩරය ගැන ඔබට චිත්තරූපයක් අලුතෙන් මැවීමට මා හට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සිතමි.                ...

Page 1 of 512345Next