මේ ගල්බෝලෙන් මං කියල දෙන්න යන්නෙ ඇන්ඩ්රොයිඩ් වල වර්ශන් අනුව තියෙන වෙනස් කම් සහ ඇඩ් වෙච්ච වැඩකෑලි ගැන. හැමෝටම ඕන තමුන්ගෙ ස්මාර්ට්ෆෝන් එක තව ස්මාට් කරගන්නනේ. ඉතිං මේ ඔප්ශන්ස් යූස් කරල නැත්තං යූස් කරන්න්ත්, ඊට වඩා වැඩි වර්ශන් එකක් ඕනනං ඇන්ඩ්රොයිඩ් එක අප්ඩේට් කරගන්නත් කට්ටියට පුලුවන්. හැබැයි අප්ඩේට් කරන එකේ ලිමිට් එකක් තියෙනව හොඳේ.
හරි. ගූගල් ලා මුලිනම එව්වෙ ඇන්ඩ්රොයිඩ් බීටා වර්ශන් එකක්. ඒ කියන්නෙ Android 0.9 - Android Beta කියන එක. මේක එව්වෙ 2008 අගෝස්තු 18. බීටා වර්ශන් එකක් එවන්නෙ ටෙස්ට් කරන්නනෙ. ඉතිං මේකෙං එච්චරම ප්රයෝජනයක් නෑ අපිට. ඊට පස්සෙ පිලිවෙලින් 2008 සැප්තැම්බර් 23, 2009 පෙබරවාරි 9 දි Android 1.0 - Applie Pie , Android 1.1 - Banana Bread කියන වර්ශන් එලිදැක්වුනා. නමුත් මේවා වලත් ගතයුත්තක් තිබ්බෙ නෑ. ඒක නිසා මේවත් කවුරුත් වැඩිය පාවිච්චියට ගත්ත ඒවා නෙමෙයි. ඒත් Android SDK එක එලිදැක්වුනේ මේ වර්ශන් එක්කමයි. Apple Pie - API Level 1 සහ Banana Bread - API Level 2 ලෙස කාණ්ඩ ගතවුනා. කියන්නෙ මොකක්ද කියල ඉස්සරහදි බලමු.
2009 සැප්තැම්බර් 15 වෙනිදා එලියට ආපු Android 1.6 - Dount වලනම් Cupcake ට වඩා වැඩිය ආවෙ නෑ. ඒත් TBT Navigation සහ Gesture Framework එකක් දාල එවපු නිසා Maps/Navigation වලයි Display UI Widget Developing වලයි දියුණුවක් ඇති වුනා. Donut කියන්නෙ API Level 4 OS එකක්. ඒක Android Market(Play Store) එකෙන් 0.5% Application වලට හිමිකම් කියනව.
ඔන්න ඊට පස්සෙ ආව සිරාම සිරා වර්ශන් එකක්. Android 2.0 - Eclair .ඒක එලිදැක්වුනේ 2009 ඔක්තෝබර් 26. ඒ කියන්නෙ Donut වලට ඉඩලැබුනේ මාසයක් වගේ පොඩි කාලයක් විතරයි. Android Eclair වලින් ඇන්ඩ්රොයිඩ් ජනප්රියවෙන්න පටන් ගත්ත කියන්න පුලුවන්. මොකද Eclair වලට ඉතා හොඳ දේවල් බොහොමයක් දාල තිබුණා. HTML support, Bluetooth 2.1 තාක්ෂනය, Microsoft EXS intergration, Digital Zooming, Live Wallpapers වගේ බොහොමයක් දේවල් ඒකට ඇතුලත් කරල තිබ්බා. මේක කොච්චර ජනප්රිය වුනාද කියනවනං Android 2.0.1, Android 2.1 කියල ඇන්ඩ්රොයිඩ් අප්ඩේට් වර්ශන් දෙකකුත් Eclair වලට ආවා. API Level 5,6,7 කියන තුනෙන්ම Develop වෙච්ච Application වලින් යුක්ත මේ Eclair වල Android Market Share එක 4% ට වැඩියි. ඔන්න ඔතනින් තමයි ඇන්ඩ්රොයිඩ් තර්ජනය Microsoftලට දැනෙන්න පටන් ගත්තෙ. ඒත් ඒක නවතින තර්ජනයක් වුනේ නෑ. ඒක හැමදාම ඉස්සරහට ගියා.
ඒකෙ ප්රතිපලයක් විදියට තමයි 2010 මැයි 20 වෙනිදා Android 2.2- Froyo එලියට ආවෙ. Froyo වලින් දුන්න පහසුකම් නිසා මිනිස්සුන්ට Windows Mobile එපාම වුනා කිව්වොත් හරි. API Level 8 Applications තියෙන වලට 18%ක Market Share එකක් තියෙනව. පරණ වර්ශන් වල වගේ තුන් හතර ගුණයක් speedවෙච්ච මේ Froyo එකේ තමයි මුල්ම වතාවට flash ආවෙ. කලින් වර්ශන් වලදි සමහර ෆෝන් වල විතරක් FlashLite 4.0 වැඩ කරා. ඒත් Crash reports & bugs ගොඩක් ආවා. ඒත් මේකෙ FlashLite 10.0 intergrade කරල එව්ව නිසා streaming කියන දේ nothing වුනා. Animated GIF සපෝට් කරා. Browser File Uploading කරගන්න මේකෙන් පුලුවන් වුනා. Market සහ වෙනත් application සඳහා JIT Implementation හඳුන්වාදුන්නෙත් මේකෙදි තමයි. USB Tethering දීපු නිසා ලෝකෙ ඉන්න වැඩකාරයෝ ඇන්ඩ්රොයිඩ් දිහා ඇහැ දාන්න ගත්තා. මේ ඔක්කොටමත් වඩා App2SD තාක්ෂනය හඳුන්වාදුන්න නිසා ඔක්කොම වැඩ පහසු වුනා. ඕනතරම් application තියාගෙන වැඩ ගොඩක් කරගන්න පුලුවන් වුනා.
ඊලඟට ආපු වර්ශන් සහ ඒව වල ප්රයෝජන ගැන ඊලඟ ගල්බෝලෙන් බලමු. බායි ඈහ්.
4 comments:
එල කිරි බොරලු අයියේ...
ginger-bread, ice-cream sandwich, jelly bean :)))
මචන් නියමය් කොල්ලො නියමය්
මමත් මේක් ගැන හොයන්න හදනොකට නිකන් සින්හලෙන් ගහල බැලුවා නෙට් එකේ..
උබනම් දෙය්යෙක්..
Machan next ekath dapankoo...
Post a Comment